Pages

2012-01-20

මැකා‍ෆි SaaS Total Protection හි දුර්වලතා දෙකක්....

මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගයක් වන SaaS Total Protection anti-malware software suite හි හදුනාගත් දුර්වලතා දෙකක් සදහා අදාල පිලිසකර යාවත්කාලීනයන් දෙකක් නිකුත්කිරීමට නියමිතව තිබූ බවටයි කරුනු පලවන්නේ.මින් එක දුර්වලතාවයක් භාවිතාකරමින් ActiveX control  ය නොමග යවමින් ක්‍රියාත්මකවන මෘදු කොටසක් මගින් පරිගණකය ස්පෑම් සර්වරයක් ලෙස ක්‍රියාත්මක කරවන්නටත් තවත් විටකදී මැකාෆීහි  "rumor" තාක්ශනික අංගය නොමග යවමින් ස්පෑම් මුදාහරින්නෙකු බවට පත්කරනටත් හැකිවන බවටයි කරුනු පලවන්නේ.