Pages

2011-12-07

ක්‍රෝම් පහසු කරන කෙටි මං 10ක්..........

ක්‍රෝම් බ්‍රවුසරය භාවිතාවේදී යතුරු පුවරුව ඇසුරෙන් ලබා ගත හැකි කෙටි මං කිහිපයක් පහත දැක්වෙනවා..........................


Ctrl+Shift+N මෙම අකුරු සංයුතියෙන් විවෘතවන නව ක්‍රෝම් වින්ඩෝව සමග ඔබ සයිබර් අවකාශයේ යනෙන තැන් වල තොරතුරු නො‍රැදෙනු ඇත.

Alt+hOME මෙම අකුරු සංයුතියෙන් විවෘතවන නව ටැබ් පි‍ටුව තුල පසුගිය ආසන්න කාලයේ ඔබ ආ ගිය වෙබ් අඩවි වල සබදතා හා අවසන් වරට වසන ලද ටැබයෙන් හා ස්ථාපනය කරන ලද ඇප්ස් පිලිබද තොරතුරු දක්වනු ඇත.

Ctrl+J මෙම අකුරු සංයුතියෙන්සියලුම බාගත කරන ලද මෘදුකාංග පිලිබද තොරතුරු ලබා ගත හැකි අතර එම ෆෝල්ඩරයන් පිලිබදව පවා තොරතුරු ලබා ගත හැකි වනු ඇත

Ctrl+O මෙම අකුරු සංයුතියෙන් විවෘතවන සංවාද කො‍ටුව ඇසුරින් දෘඩ තැටිය තුල ඇති ලිපි , ඡායාරු හා රූ සටහන් වැනි ඔනැම දත්ත ගොනුවක් සොයා ගත හැකි වනු ඇත.

Ctrl+K or Ctrl+E මෙම අකුරු සංයුතියෙන් ඇඩ්‍රස්බාරය තුල ප්‍රශ්නාර්ත ලකුනක් සටහන් වන අතර ඉන්පසුව සෙවීම සටහන් කලවිට "ඩිෆෝල්ට්" මට්ටමේ සෙයුම් යන්ත්‍රය සමග එම සෙවීම ක්‍රියාත්මක වනු ඇත

Ctel+Shift+Delete මෙම අකුරු සංයුතියෙන් බ්‍රවුසරය සමග ‍රැදෙන සියලුම දත්තයන් මකා දැමෙනු ඇත. කුකීස්, හිස්ට්‍රි , පාස්වර්ඩ් ආදී සියල්ල මෙයට අයත්වේ.

Ctrl+Shift මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවමින් වෙබ් සබදතාවක් අවදි කල විට එම වෙබ් පි‍ටුව වෙනම ටැබයක් ලෙසට විවෘත වනු ඇත.

Alt+F OR Alt+E මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවමින් දකුනු මුදුනතෙහි මෙනුවක් විවෘතවන අතර ඒ තුලින් ක්‍රෝම් හි සැකසුම් වෙනස් කරගත හැකි වනු ඇත.

Shift+Ese මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවීමෙන් ක්‍රෝම් හි ටාර්ස්ක් මැනේජරය විවෘත කරගත හැකි වන අතර ඒ තුලින් ඒ මොහොතේ ක්‍රෝම් බ්‍රවුසරය තුල ක්‍රියාත්මක වන ටැබයන් එක්ස්ටෙන්ෂනයන් හා ඇප්ස් ආදිය ගැන තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

Ctrl+Shift+D මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවීමෙන් ඒ මොහොතේ ක්‍රියාත්මක වන සියලු විවෘත ටැබයන් නව "බුක් මාර්ක්" පි‍ටුවක් තුල සටහන් වනු ඇත.