Pages

2011-10-28

ගූගල්+ සෙමින් මුත් හොදින් වර්ධනයවෙමින් පවතින බවට......

පසුගිය මාසය හා සලකන විටදී  මෙම මාසයතුල ගූගල්+ භාවිතය ඉහල යාමක් වාර්ථාවන බවටයි කරුනු පලවන්නේ. කෙසේ නමුත්  එම වර්ධනය ගූගල්+ ඉහලම වෙබ් අඩවි 10 තුලට ඇතුලුවන්නට තරම් නොසෑහෙන බවටයි කිය වෙන්නේ. පසුගිය සතිය වන විටත් ගූගල්+ අඩවිය ස්ථාන ගතව තිබුනේ 13 වන ස්ථානයේ බවයි එහි සටහන් වන්නේ.වැඩි දුරටත් සටහන් වන්නේ සැප්තැම්බර් මාසය හා සලකන විට ඔක්තෝබර් මාසයතුල 30% වර්ධනයක් ගූගල්+ ලබාගන්නට සමත්ව ඇති බවත් දල ලෙස සලකන විට සතියකට මිලියන හයක පමන සපැමිනීම් වෙබ් අඩවිය වෙත ලැබෙමින් පවතින බවයි. භාවිතාකරන්නන් අඩවිය මත ගතකරන කාලයද 5% වර්ධනය වී ඇති බවටත් කියවෙනවා. නිරීක්ශකයින් පවසන්නේ ගූගල්+ අඩවිය වෙත ගූගල් ආයතනය් දී ඇති ප්‍රමුකතාවය තවතවත් වර්ධනය කරන්නට ආයතනය ක්‍රියා කරනු ඇතැයි අනුමාන කල හැකි බවයි.