Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-10-10
කොටින්ම මොහොතකට දැහැන් ගත වෙන්න……..
අනන්තයට විහිදිලායන විශාල කදුහෙල් අතරින් නිදහසේ ඇවිදයන්න, අතරින් පතර හමුවෙන තුරුගොමු අතරින් නැගෙන කුරුලුහඬ කන් පුරා විදගන්න,කඩමන්ඩියට බොහෝ දුර බැහැර ඉදන් එන ඉදහිටක හමුවෙන මිනිසෙක් එක්ක මොහොතකට හිනාවෙන්න,මීදුම් සලුව ඉදහිටක මෑත් කරලා සැන්දෑ හිරුඑලිය විදගන්න තැත් කරන නෙත්මානයට විහිදිලා යන කදු සිකර මවන අපූරු දසුන් සිත්පුරා විදගන්න. ජීවිතය පුරාවට මමව වසාගෙන සිටි මමත්වයේ සිතුවිලි රටා ඈතට පාවෙලා යන සුදුම සුදු වලාකුලු එක්ක මොහොතකට පාකරලා සමහර අයට කවදාවත්ම හමුනොවන,තවත් අයට ඉදහිල හමුවෙන මම කියන ලේ ඇටමස් ගොන්න විනිවිද දකින්න…… .
