Pages

2011-10-15

ප්ලැෂ් වෙනුවට "රූට්කිට්" ආකාරයේ මෘදුකාංගයක් .......

ලොව ප්‍රකටතම අන්තර්ජාල සෙයුම් යන්ත්‍ර දෙකක් වන යාහූ හා බිං වල  "ප්ලැෂ් ප්ලේයර්" සෙවීමේදී ලැබෙන  ප්‍රථිපල සටහනේ ඉහලින්ම දැක්වෙන "අනුග්‍රහක"  ප්‍රතිපලවලට අනූව ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරය ලබා ගන්නට උත්සාහ කිරීමේදී සොයන්නාව යොමුවන්නේ දරුනු ගනයේ රූට්කිට් ආකරයේ හානිකර මෘදුකාංගයක් පතුරවන ව්‍යාජ ආකාරයේ වෙබ් අඩවියකට බවයි සටහන් වන්නේ.හදාරන්නන් වැඩිදුරටත් පවසන්නේ ඉවත්කිරීමට අපහසු ආකාරයේ රූට්කිට් ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලෙස හදුනා ගෙන ඇති මෙම මෘදුකාංගයෙන් ආසාදනය වුවහොත් එකම විසදුම වන්නේ ෆොර්මැටයකට යාම විය හැකි බවයි.