Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-10-19
වින්8 පුවත්..
වින්8 සමග පැමිනෙන්නට නියමිත අරම්භක තිරය ගැන විවිද මතවාද පලවුනද සමස්තයක් ලෙස බොහෝ භාවිතාකරන්නන්ගේ කැමැත්ත දිනා ගෙන ඇති බවටයි කරුනු පලවන්නේ.එම ආරම්භක තිරය හා බැදී එන අනෙකුත් අංගයන් අතර "සෙයුම් අංගය" බොහෝ දෙනාගේ කැමැත්ත දීනාගෙන ඇති තවත් අංගයක් ලෙසටයි සටහන්වන්නේ. වින්7 වලදී භාවිතාකරන්නන්ගේ බොහෝ කැමැත්ත ලබාගත් ආරම්භක සෙයුම් අංගයේ වැඩි දියුනුවක් ලෙසටයි මෙම නව අංගය ගැන සටහන් වන්නේ. වින්8 ආරම්භක සෙයුම් අංගයේ ප්‍රතිපල කොටස් තුනකට වෙන්කර පෙන්වන අතර ඒවා "ඇප්ස්" , "සෙටින්ස්" හා "ෆයිල්ස්" ලෙස ගොනුවන බවටයි පැවසෙන්නේ.ඒ අනූව වින්7 වලදීට වඩා සාර්තකව ගොනුවූ ප්‍රථිපල ලබා ගන්නට හැකිවනු ඇති බවටයි විස්වාසය පලවන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය නව මෙහෙයුම් පද්ධතියත් සමග භාවිතා කරන්නන් වැඩි ඇප්ස් භාවිතාවකට පෙලබෙනු ඇති බවට තබා ඇති විස්වාසය එම ප්‍රථිපල ගොනුවල ප්‍රථම ගොනුකිරීම "ඇප්ස්" වලට ලබා දීමෙන් පැවසෙන බවටත් විචාරකයින් පවසා සිටිනවා.
