Pages

2011-10-27

ක්‍රෝම් 15.0.874.102 සංස්කරනය...

සුපුරුදු සය සති නිකුතු රටාවට අනූව ගූගල් වෙබ් පිරික්සනයේ  පහලොස්වන සංස්කරනය බීටා තත්වයේ සිට පූර්න සංස්කරනයක් ලෙස එලිදක්වනු ලැබුවා. ක්‍රෝම් 15.0.874.102 සංස්කරනය තුල නවාංග රාශියක් දැකිය නොහැකි වුවද හදුනා ගෙන තිබූ දුර්වලතා රාශියක් සකසා තිබෙනවා.
         ටැබ් පි‍ටුව නැවත සකසා ඇති අතර නව සැකසීමත් සමග වැඩිවේගයකින් ප්‍රියතම වෙබ් අඩවි අතර සරන්නටත් ඇප්ස් භාවිතාවටත් ඉඩ කඩ සලසාඇති බව දකින්නට පුලුවන් . "ක්‍රෝම් වෙබ් ස්ටෝර්" නැවත සකසා ඇති අතර පහසුවෙන් "ඇප්ස් හා එක්ස්ටෙන්ෂන්"  තොරා ගන්නටත් ස්ථාපනයටත්  හැකිවී තිබෙනු දැකිය හැකියි.ගූගල්+ ප්‍රොෆයිලයන් වඩාත් සුරක්ශිතව භාවිතයට ඉඩ කඩ සලසමින් හදුන්වා දි ඇති නව මුහුනත "ස්ටෝර්" තුල දැකිය හැකි නව අංගයක් වනවා. හදුනා ගෙනතිබූ ඉහල මට්ටමේ දුර්වලතා එකොලහක් ඇතුලුව දුර්වලතා 17 සදහා පිලිසකර ලබාදී ඇති බවට තොරතුරු පලවී තිබුනා.
http://www.google.com/chrome/index.html