Pages

2011-09-24

යු.එස්.බී 3.0 "ඩේටා ගාඩියන්"

වඩා වේගවත් ආරක්ශිත මෙන්ම හානිකර මෘදුකාංග ප්‍රතිරෝධී යු.එස්.බී 3.0 "ඩේටා ගාඩියන්" උපකරනය එලබෙන මාසයේ සිට වෙළද පොල වෙතින් ලබා ගන්නට හැකිවනු ඇති බවටයි සටහන් වන්නේ. ගිගා බයිට් 8 ක දාරිතාවක් සහිත ඩ්‍රයිව් එකක් ඩොලර් 24 ලෙස මිල කරන්නට නියමිත බවටයි තොරතුරු සටහන් වන්නේ.
                    යු.එස්.බී 3.0 සබදතාවයක් තුලදී   තප්පරයකට මෙගා බයිට් 85  දක්වා කියවන  වේගයක් ගත හැකි හා  තප්පරයකට මෙගා බයිට් 40ක ලියන වේගයක් ගත හැකි වෙතැයි පවසන මෙම ඩ්‍රයිව් උපකරනය යු.එස්.බි 2.0 සබද තාවයකට සම්බන්ද කල විට තප්පරයකට මෙගා බයිට් 37 හා 27 ක වේගයක් ගනු ඇති බවටයි පැවසෙන්නේ.
                        අවසර පදයක භාවිතයකින් පමනක් විවෘත කලහැකි මෙම උපකරනය "ඔටෝ රන්" ආකාරයේ අහිතකර මෘදුකාංග සදහා සාර්තක පිලිතුරක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.