Pages

2011-08-19

ගූගල්+ වෙතට යු ටියුබ් සබදතාවයද පැමිනෙයි


ගූගල්+ වෙතට තවත් ගූගල් නිශ්පාදනයක් අද දින සිට එක් වන බවට එම ආයතනය නිවේදනය කර සිටිනවා. ඒ අනූව  Hangout  වීඩියෝ කථා බහකට තම වීඩියෝ බෙදා හදා ගැනීමේ අවස්තාවද හිමිවන බවයි ඔවුන් පවසන්නේ. යු ටියුබ් හි වීඩියෝ ගොනුවක් අනෙකුන් සමග බෙදා හදා ගැනිමට ඇති  අවස්තාවේදී තවත් ‍තෝරා ගැනීමක් ලෙස මෙම අවස්තාව සකස් කොට තිබෙනවා. ගූගල්+ පසුගිය ජූනි මාසයේ හදුන්වා දීමත් සමග භාවිතා කරන්නන්හට  තම වීඩියෝ  මිතුරන් සමග බෙදා ගැනීමේ අවස්තාව හිමි උනද කෙලින්ම ‍ටු ටියුබ් අඩවිය වෙතට මෙසේ බටනයක් ගෙන ඒමෙන් ෆේස්බුක් වෙත තවත් අභියෝගයක් එල්ලකර ඇති බවයි පැවසෙන්නේ.