Pages

2011-08-31

වින්ඩෝස් 8 සමග "අයි.එස්.ඕ" ගොනු භාවිතය පහසුවන බව

වින්ඩෝස් 8 සමග එලිදකින්නට නියමිත නවතම අංග පිලිබදව දිනෙන් දින පලවීම් සිදුවෙනු දකින්නට පුලුවන්.සයිබර් අවකාශයට එක්වූ නවතම පුවතකින් කියවෙන්නේ වින් 8 සමග "අයි.එස්.ඕ" නොහොත් "ඉමේජ්" ෆයිල් සදහා අතර මැදි මෘදුකාංග සහයක් උවමනා නොවුනු ඇති බවයි. දැනට භාවිතා වන වින් 7 දක්වා වන සියලුම මෙහෙයුම් පද්ධති වලට කෙලින්ම "අයි.එස්.ඕ" ගොනුවක් සමග කටයුතු කල නොහැකි අතර ඒ සදහා භාහිර මෘදුකාංගයක සහය අවශ්‍ය වන අතර වින් 8 වලදී  මෙම  ෆයිලයක්  මත ක්ලික් කල විට  වර්චුවල් උපාංගයක් නිර්මානයවී මෙහෙයුම් පද්ධතිය තුලදීම ධාවන කල හැකිවනු ඇති බවයි සටහන් වන්නේ.