Pages

2011-08-22

දවස පුරා අලුත්වන කෙටි පුවත්(8/22)


 
වසර හයක කාලයක් තිස්සේ මිනිස් පැය මිලියන ගනනක උත්සාහයක ප්‍රථිපලයක් ලෙස අයි.බි.එම්
 ආයතනය මූලිකව මිනිස් මොලයට සමාන සිලිකන් චිප් පත් දෙකක් නිපදවා ඇති බවට තොරතුරු පලවෙනවා. අයි.බී.එම් හි 45 නැනෝමිටර් චිප් පත් දෙකක් ලෙස සකස් වී ඇති මේවා 10 මෙගා හර්ට්ස්. 256 ඩිගිටල් නිව් රෝන වලින් සමන්විත බවයි පැවසෙන්නේ.
                     මනසේ මූලික ස්වභාවයක් වන "අනුමාන කිරීම, අත්හදා බැලීම ,නිගමනය" ක්‍රමවේදය අනූව ක්‍රියාත්මකවීමට සමත්කමක් මෙම චිප් පත් සමග වේයැයි ඔවුන් පවසා සිටිනවා.1956 සිට ක්‍රියාත්මක "කෘතීම බුද්ධිය"සම්බන්ද අත්හදා බැලීම් මාලාවකින් තමන් අත්කර ගත් මහත් ජයක්ග්‍රහනයක් ලෙස ඔවුන් මෙම අවස්තාව දක්වා සිටිනවා.