Pages

2011-08-25

+1 තවත් හැඩ වෙන හැඩයි..........

ගූගල්+1 බටනයත් ගූගල්+ අඩවියත් යනු ඉතා හොදින් එකිනෙකට බැදුනු ගූගල් වෙහින් මැතකදී දුන් හදුන්වාදීම් දෙකකි. ඇත්තෙන්ම +1 බටනය යනු ගූගල්හි "සෙයුම් ප්‍රථිපල" වලට නව මානයක් ‍රැගෙන ආවේය. වෙනස් අයුරකින් පවසන්නේ නම් නිරපේක්ශ ප්‍රතිපල සාපේක්ශ කලේය. භාවිතා කරන්නෙකුගේ කෝනයෙන් නම් ප්‍රථිපල වඩාත් සමීප කලේය.
               ගූගල්+ බටනයට තවත් මදක් අවකාශය පුලුල් කර දී ඇත. ඒ අනූව +1 බටනය භාවිතයේදී ඒ සමගම විවෘතවන "හදිසි කඩා හැලෙන" කවුලුවක් තුලින්  භාවිතා කරන්නා ගෙන් විමසා සිටින්නේ "මේගැන ඔබේ මත පලකිරීම ඔබේ ගූගල් අවකාශයතුල මොන අනු අවකාශයට අදාල කරගත යුතු දැයි" කියාය. ඒ අනූව ගූගල්+ හි සබදතා කවයක් ‍තෝරන්නාක් මෙන්  අදාල වපසරියක් ‍තෝරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.
                    එසේම මෙම හදුන්වාදිම වඩාත් අර්ථවත් කරනු සදහා ගූගල් ආයතනය, ඉහත ආකාරයේ +1 එකතුකිරීමකට එම අවස්ථවේ එම අඩවියෙහි කුඩා පින්තූරයක්ද , අදාල අඩවියට සබදතාවයද එක් කරන්නට කටයුතු යොදා ඇති බවයි වාර්ථාවන්නේ.මෙම නවාංගය එලබෙන සතිය වනවිට ක්‍රමානුකූලව භාවිතාකරනන් වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇතිබවයි ගූගල් ආයතනය පවසන්නේ.