Pages

2011-07-28

චීන ආරක්ශක බලධාරීන් එරට "වයි ෆයි" සපයන ස්තානවල නවතම ස්පයි මෘදුකාංගයක්..

පලවන අලුත්ම පුවතකින් කියවෙන්නේ චීන ආරක්ශක බලධාරීන් එරට පොදු "වයි ෆයි" සපයන ස්තානවල නවතම මෘදුකාංගයක් ස්ථාපනය කරන ලෙස නියම කර ඇති බවයි. "ස්පයි" ආකාරයේ මෘදුකාංගයක් ලෙස සටහන් වන මෙය නිසා එරට බල ධාරීන්ට පහසුවෙන් එම ජාලාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසෙන්නන් ගැනත් ඔවුන්ගේ ක්‍රියා කාරකම් ගැනත් තොරතුරු ‍රැස්කර ගැනීමට හැකිවන බවයි පැවසෙන්නේ. සටහන් වන තොරතුරු වලට අනූව අදික ඉල්ලුම නිසා තම ආයතනවල "වයි.ෆයි" සේවාව නවතා දැමිය නොහැකි මුත් එම මෘදුකාංගවල අදික මිල ගනන් නිසා එම සේවාවන් ලබාදීමේ ගැටලුවකට මුහුන පා ඇති බවයි.මෙම තත්වය නිසා මේ වන විට එරට සමහර ආයතන වල "වයි.ෆයි" සේවාව සීමා කර ඇති බවත් තවත් තැන්වල තාවකාලිකව නවතා ඇති බවත් වැඩිදුරටත් සටහන් වෙනවා.