Pages

2011-07-21

ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයන විට.........

ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයන විට ඔබ සමහර විටක සිතනවා ඇත්තේ අනෙක් භාවිතාකරන්නන්ට ලැබෙන ප්‍රතිපලයම ඔබට ලැබෙන  බව විය හැකියි. සත්‍ය නම් ඔබ නිවැරදි නොවන බවය. ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය යන්ත්‍රය භාවිතාකරන විට එය ඔබව භාවිතකර මින් ඔබ ගැන තොරතුරු ‍රැස්කිරීම සිදුවෙයි. ඔබේ සෙයුම් ස්වභාවයන් හා කැමතිවීම් පිලිබද තොරතුරු ගොන්නක් ගූගල් විසින්ද සකස්කර ගනී. ඔබ ගූගල් වෙත ඇතුල්ව නොසිටියද  " බ්‍රවුසර් කුකීස්" මගින් ඔබගේ වෙබ් හැසිරීම නිරන්තරයෙන් ඔවුන් ‍රැස් කර ගනී. පසුව ඔබ යමක් වෙබ් අවකාශයේ සොයන විට ඔබට ලැබෙන ප්‍රතිපල ගොනුව ඔබේ පැරනි හැසිරී පිලිබදව ඔවුන් සතු දත්ත ගබඩාවේ සංස්කරනයකට යටත් වනු ඇත. මෙම තත්වය එක් කෝනයකින් ඔබව වඩාත් සුව පහසු කරවන්නක් යැයි අර්ත දැක්වේ. තවත් කෝනයකින් සලකන විට ඔබ වඩවඩාත් හුදකලා කරවන්නක් ලෙස අර්ත දැක්වෙනු දැකිය හැකිය.