Pages

2011-07-20

කරුනාකර වෙන කිසිවෙක් සොයා මෙහි නොයෙන්න.

"බොහෝ  ආශ්‍රම වල ඇත්තේ කාලසටහන් හා නීති පද්ධති පමනී. අධ්‍යාත්මික පරිසරය යනු ඒවායේ නොසලකම හරිනු ලබන කරුනකි. අමුත්තෙකු පැමිනි විට තමන් කෘතීමව මවාගත් පිලිවලකට හැසිරෙයි. ඒක හරිම  අවසනාවන්ත කාරනාවක් කියලා මට හිතෙනවා." ලගකදී අප සමග එක්වූ ජර්මානු ජාතික මහත්මයෙකු සැදැ සමාලෝචන ‍රැස්වීමකදී ආශ්‍රමයන් ගැන තම අත්දැකීම් මෙසේ වචන වලට හැරවූවාය. සමහර විට ඔබ සිතූ ආකාරය වැරදිය. ලොකු ස්වාමීන් වහන්සේ මහත් සතුටට පත් නොවුනාය. කිසිවෙකුට මෙහි එන්නට කියන්නට වත් නොයෙන්නට කියන්නට වත් මෙහි සිටින කිසිවෙකුට උවමනා  නොවෙයි. ලොව කොයි කෙරවලක සිටියද සියුම් දහම් රස දන්නෝ කෙසේ හෝ මෙහි පැමිනෙයි. ඔබදු‍ටුවා නේද ආශ්‍රම භූමියේ ප්‍රධාන දොර‍ටුවේ පසකින් ඇති සටහන. "මෙම දොර‍ටුවෙන් ඔබ ඇතුලු වන්නේ ඔබ තුලටය. කරුනාකර වෙන කිසිවෙක් සොයා මෙහි නොයෙන්න."ලොකු ස්වාමීන්වහන්සේ සුපුරුදු මද සිනාවකින්  පැවසුවාය.