Pages

2011-06-05

ෆ්‍රංස ගුවන්විදුලි හා රූපවාහිනී වලදී "ෆේස්බුක්" හෝ "‍ටුවිටර්" භාවිතයට තහනමක්

ෆ්‍රංස ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදන කටයුතු වලදී මින් පසුව "ෆේස්බුක්" හෝ "‍ටුවිටර්" යන වචන භාවිතයට තහනමක් පනවා තිබෙනවා. මේ අනූව මින් පසුව ගුවන්විදුලි හෝ රූපවාහිනී නිවේදන කටයුතු වලදී "ෆේස්බුක්හි අසවල් ගිනුම ඔස්සේ හෝ ‍ටුවිටර්හි අසවල්  ගිනුම ඔස්සේ වැඩිදුර තොරතුරු සදහා අප හමුවිය හැක" වැනි යෝජනා තම අසන්නන් හෝ නරබන්නන් වෙත යෝජනා කිරීම තහනම් වෙනවා. අඩුම තරමින් අසවල් වෙබ් ලිපිනය ඔස්සේ පිවිස එහිදැක්වෙන අසවල් ‍ටුවිටර් හෝ ෆේස්බුක් නැතිනම් සමාජ ජාලා අඩවිය ඔස්සේ අප හමුවිය හැක වැනි යෝජනවක් පවා කරන්නට නිවේදකයන්ට මින් පසු ඉඩ නොලැබෙන බවයි සටහන් ව්න්නේ. මේ පිලිබද කරුනු පැහැදිලි කිරීමක සටහන්ව ඇත්තේ අධික වටිනාකමක්  ඇති සමාජ ජාලවක් නැති නම් වෙලද නාමයක් සදහන් කරමින් අනවශ්‍ය ඉස්මතුකිරීමක් කිරීම තුල සමාජයට හානිකර තරගයක් නිර්මානය වීම වැලැක්වීම මෙහි අරමුන බවයි.