Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-06-24
ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන්
ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම ෆයර්ෆොක්ශි 5 වන සංස්කරනය නිකුත්වීමත් සමගම අවසන්ව ඇති බවට තොරතුරු පලවෙනවා. එසේ මුත් ෆයර් ෆොක්ස් 3.6 සදහා යාවත්කාලීනයන් ඉදිරියටත් ලබාගත හැකිවනු ඇති බවටයි කරුනු පලවෙන්නේ. සමස්ත ලෝක භාවිතාව තුල 21.74% හිමිකරගෙන ඇති ෆයර්ෆොක්ස් වෙබ් පිරික්සනයේ, පසුගිය මස වනවිට ෆයර්ෆොක්ස් 4 සංස්කරනය 10.08% හා ෆයර්ෆොක්ස් 3.6 සංස්කරනය 9.14% ක භාවිතා ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින බවයි ගනනයවී ඇත්තේ. තම අවසන් සංස්කරනය ගැන මොසිල්ලා ආයතනය පවසන්නේ ගනනින් 1000 අධික දියුනු කිරීම් වලින් එය සමන්විත බවයි.
