ඔපෙරාහී 11.50 වන සංස්කරනය අද අන්තර්ජාලය වෙත මුදාහරින ලද බවට තොරතුරු පලවෙනවා. මෙම සංස්කරනයේදී HTML5, CSS සහ JavaScript සදහා වඩාත් එකගවන ආකාරයෙන් සැකසී ඇති බවට සදහන් වන අතර වේගය හා ගැලපීමේ හැකියාව අතින් ඉහල තැනක් ගන්නා අතර වෙබ් මෘදූ උපාංග නිර්මානකරුවන් වෙතට වැඩි පහසු කමක් නිර්මානය කරදී ඇති බවයි සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ වින්ඩෝස් සදහා වන සංස්කරනය ලබා ගත හැකි වනු ඇත.
http://www.opera.com/browser/