Pages

2011-04-29

."භාෂාවේ ඉසව්වට ඔබ්බෙන් බුදු දහමට ඇතුලුවීමේ මාවත සෙන් දහම යැයි මම සිතමි."

ආශ්‍රම ජීවිතයේදී මට හමුවු අපූරුතම අයෙක් සමුගෙන යන්නට සැරසෙයි. එතුමා ටිබෙට් ජාතික සෙන් දහමට මහත්සේ ප්‍රිය කරන අයෙකි.එතුමාගේ හොදම මිතුරා අපූරුලෙස කැටයම් කල බට නලාවකි.බටහිර කදුබැවුමේ ගලාගෙන යන විශාල ගංගාවේ  අසිරිය විදින්නට ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු ආශ්‍රමවාසී අපි සියල්ලන්ම පාහේ ගිය ගමනේදී එතුමා ගැබුරු සෙන් දහමේ සංකල්ප පැහැදිලි කල ආකාරය , මගේ ජීවිතයේ කවරදාකවත් අමතකල නොහැකි මතකයකි."භාෂාවේ ඉසව්වට ඔබ්බෙන්  බුදු දහමට ඇතුලුවීමේ මාවත සෙන් දහම යැයි මම සිතමි."