Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-04-27
ආශ්‍රම කදු වැටිමත්තෙන් දිවෙන කුඩා මාවත ඔස්සේ........
ආශ්‍රම කදු වැටිමත්තෙන් දිවෙන කුඩා මාවත ඔස්සේ දකුනු දෙසට වන්නට හොරා දෙක තුනක පා ගමනක අවසානයේ පිවිසෙන්නේ තෘන විසිර ගත් විශාල නිම්නයකටය. ආශරමයෙන් උදැසන මද අදුරත් සමග ගමන ආරම්භ කලවිට ආශ්‍රම පරිසරයේදී මා දුටු තවත් අපූරුතම දසුනක් දැක ගත හැක. තන නිල්ල මත විසිරුනු කුඩා පිනි බිදු මතට ඇදවැටෙන උදා හිරු කිරන මවන අසිරිමත් දසුනකි එය. දිලිසෙන පිනි බිදු, මිනිකැට විසිරුනු පාරදීසයක අසිරියක් මවනවා වැනිය. ඉතාම කලා තුරකින් දකින ගැමියෙකු හැරුනු විට ඔබේ දැහැන බිදින්නට ආගන්තුක කිහිදු කාරනාවක් නොමැතිය. වනසීමාවට ඔබ්බෙන් වන ගල්කුලක පහසුවෙන් අසුන්ගත හැකි තැනක් තෝරා ගත හොත් සැදැ අදුර තෙක් මනසේ ශාන්තිමත් ස්තරය සමග කාලය ගතකරන්නට හැකි වනු ඇත.
