Pages

2011-04-14

"වචන බොහෝ දැ සීමකරයි"


දහම විවිධ නාම ලකුනු යටතේ නෙක සංස්කෘතීන් තුල සංස්කරනයන් ලෙස අනන්‍යවන හැටි දකින විට පුදුම සිතේ. තම සංස්කෘතිය තුල නිර්මානයවන කතාන්දර නිර්මාන ඔස්සේ නැවත මිනිසුන  දහම සොයන්නට සිදුවීම මොනතරම් අවාසනාවන්තදැයි මම සිතමි. මෙම ආශ්‍රමයට කොඩියක් නැතිනම් නාමයක් වැනි අනන්‍යතා හිමි කර ගන්නට උත්සාහ නොකරසිටීම ආයාසයකින් සිදුවූවක් නොවන බව ගබඩා භාරකරු මට පැහැදිලි කර දුන්නාය. මෙහි පවතින  දහම සියලු සත්වයන්ට පොදු ආදරනීය දහමකි. මෙහි එන කිසිවෙකුගෙන් ඔබෙ  ආගම ජාතිය කුමක්දැයි විමසීමක් ඇතුලු වීමේ කූපනය තුලදී නොවිමසයි.අනිත් අතින් මෙහි සිදුවන බොහෝ දැ වචනයෙන්  විස්තර කරන්නට අතිශය අපහසුය. "වචන බොහෝ දැ සීමකරයි" අප සමග සිටින ටිබෙට් ජාතික මහතා විස්තර කලදේ නැවත නැවත නොකිය යුතුයැයි මම සිතමි.