Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
2010-12-25
දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත
2010-12-19
ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාවව නරබන්නට…….
කොතරම් දහම පුරුදු පුහුනු කලද දහම නම් විසල් යොධයා හමුවේ අප කොතරම් කුඩා අතදරුවන්දැයි පසක්කරවනවන මොහොතක් යලි පැමින ඇතුවා සේය. තවත් වසරක අවසානය එලබ ඇත. දිගුකාලයක් තිස්සේ අපසමග ගත කල මිතුරන් කිහිප දෙනෙකුම තම ආයතනවලින් ලබා ගත් විරාමයන් අවසන් කරමින් ආපසු තමන්ගේ සේවාස්ථානවලට වාර්තා කිරීමට සූදානම් වෙමින් සිටියි.ජර්මන් ජාතික සංගීත ශිපියෙකු අප කාගෙත් සිත් ගත් අයෙකු වූවාය. දක්ශ බටනලා වාදකයෙකු වූ ඔහු හා ආශ්‍රමය අතර ඇති ගැලපීම කුමක්දැයි සිතනු ඇත. ඉන්දියාවේදී වසර ගනනාවක් ගැබුරු ශාස්ත්‍රීය වාදනය ගැන පුහුනුවක් ලද අයෙකු වූ ඔහු විවෙකය ලද විටකදී ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාවව නරබන්නට යන්නට පුරුද්දක් කරගෙන සිටියාය. එසේ ඇවිදයන විටකදී හමුවන එලිමහන් පෙදෙසකදී ඔහු වාදනය කල අපූරු ස්වර කාන්ඩ මට වචනයෙන් කිසිසේත්ම පැහැදිලි කල නොහැක. අපගේ ගැබුරු අධ්යාත්මය විනිවිද යන්නට ඒ ස්වර මිශ්‍රනයන්ට පුදුමාකාර හැකියාවක් තිබුනි. විටක කාලය ගතවීම ගැන කිසිදු අවබොදයකින් තොරව පැය ගනන් ගත වී තිබුනි. දැහැන බිදීම ගැන අවසන් කල බටනලා වදනය කෙරෙහි තරහ මුසු නොරිස්සනා හැගීමක් ඇති නොවුනාම නොවේ.වැස්ස සුලග ගස් වැල් සියල්ල අපූරු ලෙස ඒ ස්වර කාන්ඩ තුල සැගව තිබුනු බවනම් මට දිවුරාම කිව හැකිය.
2010-12-06
සිත පැටලේ
සැබැ යහපත් ලාංකිකයෙකු වීමට ඉතා කැමැත්තෙමි. (ක්‍රියාවෙන් මමත් ඒ වගේම කෙනෙක් උනත්) අරගොල්ලන්ට කැපෙන නිසා උඩ පැන පැන නටන්නට සිතේ. එහෙත් ඊලග මොහොතේ චැනල් 4 මතක් වෙන කොට ගල් ගහන්නට හිතේ. සිත පැටලේ