“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක අද වන විට නින්දෙන් අවධිවන මොහොතේ සිට නිදි යහනට පිවිසුම දක්වාම නිරන්තර අවධානයක් ලබ ගන්නා නෙක ආකාර ගත් පරිගණක හැකියාවාවන් ගෙන් සමන්විතව පැමින ඇත. තොරතුරු ගබඩා කරගෙන සිටින්නා නැතිනම් තොරතුරු සකසා දෙන්න්නාගේ චරිතය එහි ප්‍රධාන භූමිකාව ව තිබූ කාලයේ සිට ඔබටත් පෙර ඔබේ අවශ්‍යතාවය හඳුනාගන්නාගේ සිට ජීවිතය අවට සියලු කාරනාවලදී සහය වන්නාගේ භූමිකාව දක්වා වූ වර්ධනය එලබෙන දශක කිහිපයකදී ඔබගේ සිරුරේ කොටස් බවට පත්වීම අනිවාර්ය වෙමින් තිබේ.
තාක්ෂනික යුගය වර්ණවත් වන්නේ මනසද තාක්ෂනික වෙමින් පැමිනෙන්නට ඇඟිලි ගනිමින් සිටින නිසාවෙනි. එය අධිතක්සේරු ගත වන්නේ “ඔබේ” “ඔබ” බව පිටපත් කරන්නට හා නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් පමනක් නොව එලබෙන දිනකදී “ඔබටත්” වඩා වන “ඔබව” නිර්මාණය කරන්නට දැනටමත් සුදානම් වන නියාවෙනි. “එය ඔබ සිතනා තරම් ආගන්තුක කාරනාවක් නොවනු ඇත්තේ ආගමික බව නැතිනම් දේශපාලනික බව තාක්ෂනික වීමට වඩා යමක් එහි නොවන බැවිනි”
– Pubudu Siriwansa