2018-04-14


වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමික්" ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.
- Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...