2018-04-13

තාක්ෂනික දේශපාලනයේ හැඩය


තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව යුගයකට වීම බොහෝ මතවාද, භාවිතාවන් කලබන සුළු කොට ඇත. සරල මෙහෙයුම් පද්ධතියක සිට සංකීර්න AI භාවිතාවක් දක්වා එය දිගුවෙමින් ඇති අතරම අර්ධ මිනිසුන්, මිනිස් පිටපත්, මනස පිටපත් වීම වැනි තවමත් සංකල්පීය වුවත් සැලකිය යුතු විස්වාසනීය මට්ටමක වන නිර්මාණ දක්වා දිගු පරාසයකට කථාන්දරය පිවිසෙමින් ඇත.
පැමිනෙමින් ඇති නව තාක්ෂනික දේශපාලනයේ හැඩය ඇමරිකානු පසුගිය මැතිවරණයේ කල සටහන තවමත් හදාරමින් සිටින ඇත්තකි. රූපවාහිනියෙන් මිදෙන නව මාධ්‍ය යුගය මනස සමග කරන ගනුදෙනුවේ ස්වභාවය තවමත් හැදෑරීම ආරම්භ කරන තරමේ ආගන්තුක විෂයක්ව ඇත. පසුගිය කාලයේ රටේ සිදුවූ ජාතීවාදී ගැටලුවේදී සමාජජාලා සිදුකල හානිය වෙගයෙන් අවධානයට ලක්වෙමින් ඇතුවා සේම ඊට කලකට පෙර මතුවූ දරුනු ගංවතුර අවස්ථාවේදී සිදුකල සේවාව ද අපමනය. ආකෘතියල් ලෙසට මෙන්ම පහසු භාවිතාවක් ලෙසට සැලකීමේදී මිනිසුන් සතු මෙවන් පහසුකම් සලසන සේවාවක් තවමත් දැකිය නොහැකි තරම්ය.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...