2016-06-13

Google Street View වෙතට ඉන්දියන් විරෝධයක්....

     Google Street වෙතට ඉන්දියානු විරෝධය පලවෙමින් ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. Google ආයතනය තම Google Map හි කොටසක් ලෙසට ගෙනෙන මෙම අංගය වෙතට පලවෙන ඉන්දියන් විරෝධය සදහා මෑත කාලීනව සිදුවූ ත්‍රස්ථ පහරදිමක්ද ප්‍රධානව පදනම් ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ප්‍රහාරයේදී ත්‍රස්ථවාදී Google Map වෙතින් සහය ලබා ගන්නට ඇති බවටයි සැක පලවෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වාදෙන්නේ මෑත කාලීනව ඉන්දියන් නීති පද්ධතීන් වෙතට පැමිනෙමින් ඇති නව ප්‍රවනතා සමග තම රටෙහි තොරතුරු දත්ත ගතවීම සීමාකරන්නට පෙලබවීමක් දක්නට ඇති බවට පෙන්වා දෙමින් ඇති අතර Gogle වෙතට මෙන්ම Microsoft මෙන්ම Apple ආයතනයන් වෙතටද මෙම තත්වය බලපාමින් ඇති බවට කිය වෙනවා.
               බහුලව නොවුවද බටහිර සමහර රටවලින්ද මෙම Google Street වෙතට නොසතුට පලවෙමින් ඇති බවට තොරතුරු පලවන අතර, මේ ඔස්සේ පෞද්ගලිකත්වය වෙතට මින් එල්ල වෙමින් ඇති තර්ජනයන් හෙතු ලෙසට දැක්වෙමින් තිබෙනවා. පලවන වාර්ථා පවසන්නේ තවමත් Google ආයතනය මේ පිලිබදව අවසන් නිවේදයක් කර නොමැති අතර ඉන්දියන් රජය වෙතින් නැවත අනුමැතිය ඉල්ලීමක් සදහා කටයුතු කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...