2016-06-19

සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි

     ප්‍රබෝධමත් සැදැවකි. ආශ්‍රම කදුමුදුනතින් බටහිරට වන්නට පිහිටි විශාල ගල් කුලෙහි තැනිතලා තැනක සැහැල්ලුවෙන් අසුන් ගතිමි. තුරු මිදුනතවල් අතරින් ශාන්තිමත්ව ගලා බසින ගංගාව දිස්වේ. ඔබ මොබ පියාසරන පක්ෂියෙකුගේ නාදය හැරුනු විට පරිසරයම තැන්පත්ය.මනස වේගයෙන් තැන්පත්වේ. සියල්ල හොදින් ගලායන බව ගැන අබ ඇටයක තරම් වත් සැකයක්  සිත මත ඉතිරි නොවේ.සිතේ උපදින අපමන සතුට සැහැල්ලුව පැහැදිලි කල නොහැකිය. අඩවන් වූ දැස් පූර්න පිවිසීම සහතික කරනවා විය යුතුය. මුල් හෝරා දෙක නැතිනම් තුනක් පසුකලා  නම් සමහර විටක දවසක හෝ දෙකක  කාලය ගලා යැම නොදැනෙනු ඇත. සමහර විටක මේවා සටහන් නොකල යුතු කාරනා වන්නට ඉඩ ඇත.ඉතාම සියුම් හුස්ම පොදක චලනය හැරුනු විට මුලු කයම මහත්සේ තැන් පත්ය. සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි. කිසිදු රස බොජුනකට, සුරංගනාවක් තරම් රුවැත්තියකගේ ඇසුරවත්, මහත් ගැබුරු බුද්ධිමය කාරනවක් වැටහීමෙදී දැනෙන සතුටවත් මෙම උත්තරීතර සතුටේ පාමුලට තබා ගව් සිය ගනනක් තරම් ආසන්නයේ වත් තැබිය නොහැකි බවට මම ඔබට සහතික වෙමි.
www.tharuminisa.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...