2016-05-06

Windows 10 භාවිතාවන උපාංග ප්‍රමානය මිලියන 300 ඉක්මවයි

     Microsoft ආයතනය Windows 10 නිකුතුව පැවති මෙහෙයුම් පද්ධති සම්ප්‍රධායෙන් බෙහෙවින් ඔබ්බෙන් වූ කටයුත්තක් ලෙසට සිදු කෙරිනි.  මෙහෙයුම් පද්ධතියේ හැකියා වපසරිය මෙන්ම අදාලවන උපාංග පරිසරයද වඩාත් පූර්නව හා සංක්‍රීයව තබා ගන්නට කටයුතු කර තිබිනි. වඩාත් වේගවත්, ආරක්ශිත මෙන්ම සමීප භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවද ඔවුන්ගේ දියුනු කිරීම් අතර කැපී පෙනිනි. මේ වන විට ලොවපුරා උපාංග මිලියන 300ක පමන මෙම මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙමින් ඇති බව Microsoft ආයතනය නිවේදනය කරමින් සිටී. Pcs, tablets, phones, Xbox Ones, IoT මෙන්ම HoloLens ආදීවන සමස්ථ පරිසරයම සැලකීමේදී මෙම ගනනය පැමිනෙන බවටයි වාර්ථා වන්නේ. ආයතනය පවසන්නේ Microsoft Edge බ්‍රවුසරය සැලකීමේ භාවිතාකරන්නන් එය සමග ගතකර ඇති සමශ කාලය මිනිත්තු බිලියන 63 ඉක්මවන අතර personal digital assistant  නැතිනම් Cortana විසින් පිලිතුරු බිලියන හයකට වඩා සපයා ඇති බවටත් windows 10 සමග ක්‍රීඩා කිරීම් කාල ප්‍රමානය පැය බිලියන 9 ඉක්මවන බවත්, windows 10 සමග පැමින ඇති app පහසුකම් සමග (Photos, Groove Music, Movies & TV ) මාසුඉකව භාවිතාකරන්නන් මිලියන 144ක් ඉක්මවන බවටත් පැහැදිලි කර සිටී. මීටත් අමතරව ඔවුන් නිවේදනය කරන්නේ Windows 10 සමග සාර්ථව ඉදිරියට යමින් සිටින Universal Windows Platform apps සදහා Facebook, Instagram, Facebook Messenger; updated UWP apps from Vine, Hulu, Netflix , Twitter ඇතුලු බොහෝ පහසුකම් වෙගයෙන් Windows Store වෙතට එකතුවෙමින් තිබෙන බවයි. මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය Windows 10 Anniversary Update නිකුතුව මෙම වසරේ සිදුවීමට නියමිතය.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...