2016-05-16

සමහර අවසර පද වෙතට පිවිමට ගතවන්නේ milliseconds ය..

      හදාරන්නන් පවසන්නේ අවසර පද වෙතට අනවසර පිවිසීමක් සිදුවීම සදහා ගතවන කාලය සමහර අවස්ථාවලදී milliseconds තරම් අඩුකාලයක් ගන්නා බවකි. විටක භාවිතාකරන්නන් තම පහසුව සදහා  ‘123456’ නැතිනම් ‘password’ වැනි සරල අවසර පද භාවිතාවේදී මෙම අනතුර පවතින බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. හදාරන්නන් උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ "abcdefg"  ලෙසට වන අවසර පදයක් යාන්ත්‍රනයක් මගින් බිඳ දමන්නට .29 මිලිසෙකන්ඩ් තරම් කාලයක් ගන්න අතර "abcdefghilk" ලෙසට වන අවසර පදයක් සදහා විශාල කාලයක් ගන්නා බවයි. මෙම හැදෑරීම සදහා  length හා character types සාධක මත සිදුව ඇති අතර ‘password’  නැතිනම්  ‘birthday’ වැනි අවසර පදයක් සදහා 0.25 Milliseconds තරම් අඩු කාලයක් ගන්නා බවට ඔවුන් පෙන්වා දෙනවා. එම හැදෑරීම් යාන්ත්‍රනයට අනූව  ‘password69’ වැනි අවසර පදයක් වෙතට අනවසර පිවිසීමක් සදහා අට වසරක් වැනි දිගු කාලයක් ගන්නා බවද පෙන්ව අතර රාජ්‍ය නායකයෙකුගේ වැනි උදාහරනයක් ලෙසට ‘malcolmturnbull’ වැනි අවසර පදයක් වෙතට පිවිසෙන්නට විශාල කාලයක් ගන්නා බවටයීම යන්ත්‍රනයට අනූව පෙන්වා දෙන්නේ.
               කෙසේ නමුත් මෙම යාන්ත්‍රනය නිර්මානය කිරීම සදහා යොද අගෙන ඇති ක්‍රම වෙදයට අමතර තවත් ආකාර එනම් ඉලක්ක වන ගිනුම් ආශ්‍රිත තොරතුරු මෙන්ම පෞද්ගලික තොරතුරු ලබා ගනිමින් භාවිතා කිරීම තුලදී මෙම ආකාරයේ හැදෑරීමකට හසු නොවන මුත් සරල අනවසර පිවිසීමකට අවශ්‍ය අවස්තාව බහුලව වන බව අමතක නොකල යුතු අතර අකුරු ඉලක්කම් හා සංකේථ වල මිශ්‍රනයක් අහඹු ලෙසට ගෙන භාවිතාකිරීම තවමත් මේ සාම්ප්‍රධායික අවසර පදයක් නිර්මානය කර ගැනීමේ දී භාවිතා කිරීම තවමත් සැලකිය යුතු  ආරක්ශාවක් ගෙනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
www.digilk.com

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...