2016-05-16

නොදැනීම ඔබ මාධ්‍යවෙදියෙකු වීම හා පෙර නොකියාම නීතිය පැමිනීම....

            ...... හොඳයි මම තත්වය මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්න.. අපි දන්නවා මෑතකදී මේ රටේ ජනධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට රටේ ප්‍රකට ස්වමීන් වහන්සේ නමක් හා අධිකරනය අතර ඇතිවූ ගැටලුවකට සම්බන්දව අන්තර්ජාලයට මුදා හැරපු පෞද්ගලික මට්ටමේ ප්‍රකශයක් සම්බන්දයෙන් මේ මොහොත වන විට අපේ රටේ අඪ්Eහිකරනමය ක්‍රියා වලියක් සිදු වෙමින් තිබෙනවා. මම හිතන්නේ Online ජීවිතයක් තිබෙන පමනක් නොව නොතිබෙන බොහෝ අය මේ සම්බන්දව යම් තැති ගැන්මකට ලක් වුනා. සරලව තත්වය පැහැදිලි කලොත් අන්තර්ජලය කියන්නේ නිවසේ නැතිනම් පාසැලේ වැඩිම උනත් උසස් අධයාපන ආයතනයේ බිත්ති පුවත්පතක් නොවේයි. අඩුතරමින් පුවත්පත්, ගුවන් විදිලිය විතරක් නෙමෙයි රූපවාහිනියටත් වඩා පුලුල් හා බල සම්පන්න මාධ්‍යයයක්. තවත් සමිපව තත්වය පැහැදිලි කලොත් මාධයයක් යනු කුමක්දැයි නැවත අර්ථ ‍රැගෙන එන සුලු අත්දැකීමක්. පැතිරීමේ වේගය වගේම පැතිරීමේ වපසරිය ඉතා විශාල විය හැකි අවස්ථාවක්. අන්න ඒ නිසා තමයි මම කිව්වේ "සෙට් එකක් ඇතුලේ පට්ට විදිහට ෆෝම් වෙලා දෙන ටෝක්ස් අන්තර්ජාලය තුලට ගෙනෙනට පෙර දහස් වරක් හිතන්න කියලා". ම්ගේ වෝල් එක නැතිනම් මගේ පර්සනල් ප්‍රොෆයිල් එක කියන කොට අපි මීට පෙර විඳිමින් තිබුන "මගේ" සීමාව බොහෝ සෙයින් ඉක්මවා ගිහිල්ලා. ඔබේ නිවසේ කියන පෞද්ගලික සීමාවේ පමන්ක් නොව ඔබේ කාබරය කියන අති පෞද්ගලික සීමාවේ සිට උවත් ‍රැහැනක් මගින් හෝ තරංගයක් මගින් ඔබ සම්බන්ද වන්නේ පුලුල් ලෝකයට. එහිදී ඔබව සංස්කරනය කරන්නට කවුරුත් නැති වීම නිදහසට කාරනයක් වන්නේ නැහැ. ඔබ දැන ගත යුතුයි සමාජජාලා යුගය කියන අතුරු අන්තර්ජාල යුගයේදි ඔබ කෙලින්ම මාධ්‍යවේදියෙක් වෙනවා. එපමනක් නොව ඔබ විවෘතවන අවකාශය ඔබටම සීමාකරන්නට බැරි වෙනවා. අවසනයේ ඔබව නීතියේ මෙන්ම සදාචාරයේ අවධානයට ලක්වන්නට ඇති ඉඩකඩ පිලිබදව ද අවධානයකින් කටයුතු කිරීම වැදගත් වෙනවා.
www.digilk.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...