2016-04-29

හැට පස්වන කොටස...

 “දහමක් හා සංස්කෘතියක් අතර පරතරය වඩාත් බලාත්මකයි අපි ඒ දෙස බලන තැනට අනූව. හිතන්න හැම ආගමකට පාහේ අවශ්‍ය වන්නේ මීලග ජීවිතය වඩාත් අපූරු තැනකට තැනකට පැමිනෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. බොහෝ වෙලාවට එය ජීවිතය අර්ථද ක්වන්නේ ඒ සදහා සූදානම් වන්නට සුදුසුම අවස්ථාව ලැබී ඇති ලෙසටයි. ඒත් මම හිතනවා බිහිවීමට පෙර පැහැදිලි නැති බිඳවැටීමට පසු පැහැදිලි නැති හිස් කඩදාසියක් වගේ ජීවිතය නම් ගොඩ නැගීම සමග පැමිනෙනේ නැති අර්ථ බොහොමයක් ඒ ඔස්සේ නිර්මාණය කරගන්නට මිනිස් වර්ගයාට හැකි වෙලා තිබෙනවා. දහම ඔස්සේ ඔවුන් උත්සාහ කරලා තිබෙනවා මේ හරිම වේදනාකාරී අඩුව පුරවා ගන්නට. හැබැයි ඒ අඩුව පුරවා ගැනීමේ ක්‍රම වේදය ඔස්සේ ඔවුනට පුලුවන් වෙලා තිබෙනවා හැම සංස්කෘතියකම පදනම වන්නට.හැබැයි ඒ සංස්කෘතීන් වෙතින් එහි ඇති කිසියම් හෝ දහමක් මුලුමනින් ගලවා දමන්නට කවදාවත් මිනිස් වර්ගයාට හැකි වෙන එකක් නැහැ. ඒත් මේ බොහොම දහම් වල පදනම දිවෙන්නේ පෙර කී ආකරයේ සංස්කෘතික අවශ්‍යතා සපුරලන ආකාරයට නොවීම පැහැදිලිව දකින්නට පුලුවන්. දහම වැඩෙන්නේ නැති වුනාට සංස්කෘතියට වැඩෙන්නට සිදුවෙනවා. උදාහරනයකට බලන්න බිහිවේලා තිබෙන අනාගතය ගැන වන සිනමා නිර්මාන ගැන. නිර්මාණාත්මක පොත්පත් දිහා. ඒවා තුල මහත් පාලු බවක් ජීවයෙන් තොරබවක් බොහෝ අයට දැනෙන බවට අදහස් පලවනවා. ඔවුන් බොහෝ විට කියනවා හරීම කෘතීම බවක් දැනෙන බවක් ඒ නිර්මාණ තුල. මම හිතනවා දැන් ඔබට ගැටලුව පැහැදිලියි කියලා. එක විදිහකට බුදු දහම වෙනස් මගක් ගන්නේත් මෙතැනදීයි. ලොවපුරා තියෙන බොහෝ දහම් වඩාත් වාර්ථක මිනිස් ගොඩනැගීමකට සහය වනවා වන කොට බුදු දහම එම ගොඩ නැගීම නැවත විමසන්නට ආරාධනා කරනවා. තත්වය වඩාත් සංකීර්න කරමින් එය සමස්ථ ලෝකයේම පදනම වන “මම” නැවත විමසන්නට හා විමසමින් ආපසු ගමනක් යන්නට ආරාධනා කරනවා. සමහර විටක දහමක් කියන්නේ කුමක්ද වැනි මූලික අර්ථ දැක්වීම් වලින් වෙනස්ව බුදු දහම අර්ථ දක්වන්නට සමහරුන් උත්සාහ කර ඇත්තේ මේ නිසා වන්නට ඇති. සංකීර්නව විමසනකොට තේරෙන කාරනයක් තමයි ලෝක ආධිපත්‍ය සංස්කෘතිය වඩාත් විසිරීම බහුලකරවන අන්තර්ජාලය වැනි භාවිතාවන් එක්ක තත්වය වඩාත් ව්‍යාකූල වන බව.” හැකි පමනින් තත්වය විග්‍රහකර දෙන්නට මම උත්සාහ කලෙමි. සිතුවමක, හඬ පැබැදුමක් සමග මෙන්ම බුද්ධිමය කාරනයක් සමගද හොරාවක් දෙකක් උවත් සමවැදී සිටින්නට ඇය සමතියකි.
www.tharuminisa.com