2016-04-24

හැට දෙවන කොටස


       තරමක සැහැල්ලු දවසක් ඇයට හවුව තිබෙනවා වියයුතුය. සැහැල්ලුවකින් ඇය සිටින්නේ මහත් ප්‍රබෝධයකිනි. උද්‍යානය කෙරවල වන ඉතා සෙමින් ගලා බස්නා ගං ඉවුරට වන්නට පිහිටවා තිබූ සුපුරුදු අසුන්ක අප වාඩිව සිටියෙමු. ජල රල අතර නිරන්තරයෙන් ඔබ නොබ පිහිනන විසිතුරු පක්ෂීන් මහත් විසිතුරු බවක් ගෙනෙමින් සිටී. උපතින් කිතුනු පරිසරයකට ඇය අයිතිව සිටියද ලොව නෙක සංස්කෘතීන් ඔස්සේ ගලා එන විවිධ දහම් අර්ථයන් පිලිබදව විවෘත විමසිලිමත් බවක් අවදිව තිබිනි. “නොයෙකුත් දහම් කාරනා මෙන්ම ඒවා ආශ්‍රිතව ගොඩ නැගෙන දහම් සංස්කෘතීන් පිලිබදව අපි අතර ඇත්තේ මහත් පටලැවිල්ලක්. බොහෝ වෙලාවට මුල් දහම් ස්වභාවය වෙනු වට අපි ඒ ඇසුරින් ගොඩ නැගෙන සංස්ක්‍රිතීක ආකාරයන් වලට සීමා වෙන ස්වභාවයක් තිබෙනවා. සමහර විටක ඔබ පුදුම වේවි, බුදු දහම ඇසුරින් වන සංස්කෘතීන් සමග ගිලී සිටින ඇතැමෙකුට මුල් දහම පෙනෙන්නේ හතුරෙකු ලෙස කීවොත්. අම හිතන්නේ මේ බව සියලුම ආගම් වලට පොදුයි. හරිම සංකීර්නයි.” වරක් මා හැදෑරුම් ආයතනයකදී මේ බව විවෘතව පලකල මොහොතක අයෙක් දෙදෙනෙක් ගැ‍ටුමකට පවා සැරසුනු යුරු පැහැදිලි කෙරුවෙමි. ඇය විමතියට පත් බවක් පලකරවන්නට විය. ” කොහොම උනත් මිනිස් වර්ගයාගේ සංස්කෘතික කථාන්දරයේ බරපතලම පරිච්ඡේදයක් ලොව පුරා නෙක ප්‍රදේශවලින් බිහිවෙන නෙක ආකාරගත් දහම් කාරනා සමග ලියවෙනවා.”ඔවුන් අද අත්පත්කරගෙන සිටින ශිෂ්ඨ බවින් වැඩි ප්‍රතිශතයක් හිමි වෙන්නේ ඒවා ගෙනෙන ලද හික්වීම් වලට බවයි මම විස්වාස කරන්නේ. මිනිසාට තමන්ව අර්ථ දක්වා ගන්නට අවශ්‍යව තිබූ ජීවිත කාලය ගැන පමනක් නොව මෙහි ආ තැන් මෙන්මපසුව යන තැන ගැන පවා අර්ථ මේ දහම් ඔස්සේ ගෙන ඒම ඔවුනට මහත් සහනයක් වූවා මම හිතන්නේ.” ඇය වඩාත් අවධානයෙන් සවන්දීම මා මහත් සිත්ගත් කරුනක් විය. ඇගේ විමසිලිමත් මනස මා ඇය වෙතට බැදගත් පලමු කාරනව යැයි මට සිතිනි. “හැබැයි අමතක කරන්න එපා තවමත් ලොවපුරා මතුවන බොහොමයක් ගැ‍ටුලු වලටද පදනම ඒකම බව” ඇය පිලිවදන සමස්ථය පිලිබදවම කැටිවීමක් ගෙනවිත් තිබිනි.
www.tharuminisa.com