2016-04-22

හැට එක් වන කොටස…

    පසුදා උදය වරුවේම කාලය නොයෙකුත් අධ්‍යාන ආයතනයන් සමග නව සේවා අවස්ථාවක් ගැන කල සාකච්චා සදහාම වෙන්ව ගෙවී ගියාය. සමහර ආයතනයන් සමග වූ අදහස් හුවමාරූන්ගේදී තවමත් ඔවුන් සතුව ඇති සාම්ප්‍රධායික නැබුරුතා පිලිබදව විමතියක් ඇති වූවාය. විටක ඔවුන් නව දැනුම සමග ඉදිරියට යනවා වෙනුවට ඔවුන් සතුව ඇති සාම්ප්‍රධායික අනන්‍යතාවය පිලිබදව මහත් සතු‍ටු වෙනවා වැනිය. තවත් විටක මහා බරපතල විද්වතුන් ලෙසට සැලකෙන මෙන්ම පිලිගැනුම් ලබන අයගේ යල් පැන ගිය අදහස් ඔවුන්ගේ විෂයන් වෙතට මොනතරම් බරක් වී ඇත්දැයි පැහැදිලි වන විට මහත් කනගාවුවක්ද ඇති විය. ඇත්තෙන්ම ඔවුන්ට තම දැනුම පිලිබදව ඇති ගනු දෙනුවට වඩා ඇත්තේ එම දැනුම ඇති බවට ලබා ඇති සහතික පිලිගැනීම් පිලිබද ගනු දෙනුවකි. අවසානයේ ආයතන කිහිපයකම තාවකාලික online ආකාරයේ දේශන අවස්ථා කිහිපයක් ලබා ගන්නට හැකි විය. එයින් ඉපයෙන ආදායම ඉදිරි කෙටි කාලය සදහා සැහෙනු ඇත. අපගේ අවසාන කෘතිය වෙතට ලොවෙන් පිලිගැනීමක් ලැබුනද නොවුනද හෙට හෝ එලබෙන කවදා හෝ මිනිස් වර්ගයා පසුකරන්නට වන කඩයිම් කිහිපයක් ගැනම එහිදී පුලුල්ව කථාකරන්නට හැකිවීම පොලොවෙහි පස් අතර සැගව යන්නට ප්‍රථම මා අතින් මගේ වර්ගයා වෙනු වෙන් යුතු කමකැයි සිත තුල ඇති බලවත් විස්වාශයකි. දහවල උදාවෙත්ම නගරයේ උදයානය වෙතට යන්නට සිත් විය. එහි වන කුඩා අවන්හලකින් ලබා ගන්නා සරල ආහාරයක් දහවල සදහා සැහෙනු ඇත. එතරම් ජනාකීර්න නොවන දහවලේ උද්‍යානය පුරා විවිධ කුරුලු හඬවල් වලින් පිරී යයි. අන්තර්ජාල ඔස්සේ Zen දහම ගැන වන මධ්‍යස්ථානයක් පිලිබදව තොරතුරු ලබා ගත් අතර සැදෑවේ අප හමුවූ පසුව ඒ වෙතට යාමට කාලය යොදා ගැනීම පිලිබදවද කථාබස් කරන්නට අවශ්‍ය තොරතුරු සටහනක්ද සමග නවා තැනින් පිටත් වීමි. පිටත්ව සුලු වෙලාවකින් දුරකථනය වෙතට පැමිනි පනිවිඬයකින් පැවසුනේ පෙරදිනයේ ගිවිසගත්තාට වඩා හොරාවක් පමන ඉක්මනින් ඇයට උද්‍යානය වෙතට පැමිනෙන්නට හැකි වන බවකි. නගරය කෙරවල වන කදුමුදුනත වෙත යන්නට ඇයට අවශ්‍යව ඇත.
www.tharuminisa.com