2016-04-20

හැට එක්වන කොටස

               “මිනිස් වර්ගයා තම ගමනේදී පෘතුවිය මත තැබූ පලමු හරවත් සටහන ගුහා චිත්‍ර ලෙසට පිලි ගැනෙනවා….” එම ශිල්පියා තම දෙපැයක පමන වූ වර්ණන කාර්යයෙන් පසුව තම අදහස් කිහිපයක් ශාලාවෙහි වෙසෙන්නන් සදහා පලකරන්නටද අමතක නොකලේය. “අප අවට වන වර්ණ හා හැඩතල සමග තම සිතැගි මුසුකල මේ ව්‍යායාමයන් මිනිසා විසින් නිර්මානය කර ගත් අනෙකුත් බොහෝ සංස්කෘතික කාරනා ඉක්මවමින් විශ්වීය වීම පැහැදිලියි” ඔහු වඩාත් දාර්ශනික ලෙසට තම විෂය සමග ඇති තම ගනු දෙනුව පැහැදිලි කරන්නට වූවාය. “මම ඔබට මතක කරනවා මිනිසාට තම අතීතයට මෙන්ම අනාගතයට ඇවිද යන්නට පහසුතම විශය රටාව නම් චිත්‍ර කරනය බව. දිනක අපහට මේ විශ්වයේක් ඈත දේශයකින් යමෙක් මෙහි පැමිනියද අපව තේරුම් ගන්නට පහසුතම මාධ්‍ය වනවා ඇත්තේ මේ සිතුවම් කරනය වේවි යන්න මගේ විශ්වාසයයි. ස්තුතියි” අපූර්ව හෝරා දෙකහමාරක කාලය නිමාවිය. ඔහු සාමාන්‍ය අමුත්තෙකු ලෙසට මද උස් වේදිකා තලයෙන් බැස විත් තම රාත්‍රී ආහාරය සදහා අසුන් ගැනිනි. මා ඒ දෙස බලා සිටිනු දු‍ටු ඇය “‍රැස් විහිදිය යුත්තේ මිනිසා ගෙන් නොව, ඔහු කරන කියන දෙයිනි” සරල මෙන්ම මහත් බරපතල අදහසක් ඇය සැහැල්ලුවෙන් පවසා දමන්නට කටයුතු කලාය. දවසේ වෙහෙස වෙනුවට මහත් ප්‍රබෝධයක් සිත ගත පුරා විසිරී ඇතුවාක් මෙනි.
                 “ඔබ දන්නවද, බුදු දහම අනෙකුත් බොහෝ දහම් වලින් වෙන් වන්නේ එය තවත් ගොඩ නැගීමක් වනවා වෙනුවට ගොඩ නැගීම් විග්‍රහ කරන දහමක් වනවා. ඒක් දර්ශනයක්ද නොවන්නේ තවත් දැක්මකට ආරාධනා කරනවා වෙනුවට දැක්ම අහවර කරන්නට යෝජනා කරන නිසයි. අර ගම්වාසීන් වැදිම් පිදුම් කරන කිසිදු දෙයක් හෝ ක්‍රියාවක් එහි නැහැ. හැබැයි වඩාත් ශිශ්ඨසම්පන්න විදිහට ඔවුනගේ ජීවන රටාවල් පවතිනවා. ඔවුන්ගේ සංස්කෘතිය බාහිර ලෝකය මත එතරම් සටහන් වූ දෙයක් නොවේ. ඒත් ඔවුන් වඩාත් සංස්කෘතිකයි. මේක හරියට බාහිර අපිට ඇතුලතත් අවුල්, පිටතත් අවුල් කාරනාවක් වගේ පෙනුනට ඔවුනටනම් එහෙම නැති බවයි පෙනෙන්නේ.” සටහන් පෙල වඩාත් හරවත් වන්නට නම් එම සටහන මෙන් දස දහස් ගුනයක් අප පසුකල යුතුය. “අපි හෙට සැදෑවේ නැවත හමුවෙමුද? දිනයට සමුගැනීම වෙනස් ආකාරයකට මම යෝජනා කලෙමි.
www.tharuminisa.com