2016-03-29

Windows 10 චීන සංස්කරනය අවසන් අදියරේ...

       Windows XP වලින් ඉදිරියට Microsoft මෙහෙයුම් පද්ධති සමග කටයුතු කිරීම චීන රජය ප්‍රතික්ෂේප කීරීම ගැටලුවක් බවට පත්විය. විශේෂයෙන් තම රාජ්‍ය අංශයේ පරිගණක ඔස්සේ windows 8 වෙතින් කටයුතු කිරීම ව්ඩාත් ගැටලුකාරී වන්නේ තම අභ්‍යන්තර තොරතුරු නිරාවරනයට ඇති අවස්ථාව ඉන් වැඩි වන නිසා බවටයි චෝදනා කෙරෙනු ලබුවේ. විකල්පයක් ලෙසට Linux සමග කටයුතු කරන්නටද උත්සාහ කරන ලදී. අවසානයේ 2015 World Internet Conference වලදී "Microsoft's Chinese government-approved version of Windows 10" සංස්කරනයක් පිලිබදව නිවේදනය වන ලදී.  මේ වන විට මෙම නව සංස්කරනය එනම් Windows 10 Zhuangongban වල වැඩ කටයුතු අවසන්ව ඇති බවටයි තොරතුරු පවසන්නේ. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද දැනට පැවසෙන තොරතුරු වලට අනූව මෙම සංස්කරනය සමග app සහ අනෙකුත් සේවා සහය සීමිත අතර දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ චීනය තුල මෙම සංස්කරනය ඉදිරි වසර ගනනාවක්ම බාවිතාවන්නට නියමිත බවකි. Microsoft දෙසින් බලන විටද ඉලක්කයක්ව ඇති නිකුතුවෙන් වසර තුනක් ඉක්මෙවෙන විට ලොවපුරා පරිගණක බිලියනයක භාවිතාව windows 10 වෙතට ලබා ගැනීමේ උත්සාහ වෙතට මෙම පියවර විශාල සහයක් වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...