2016-03-04

Windows 10 Redstone මෙම ජූනියේ..

   Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලීනයේ සංකේථනාමය ලෙසට ‘Redstone’ සදහන් වී සෑහෙන කාලයකි. එම නිකුතුව පිලිබදව වූ අවසාන කාලවකවානු ගැන කියවෙන පුවත් වලට අනූව මෙම වසරට එය නියමිතව ඇත. පැමිනෙන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ windows 10 සදහා වන එම ප්‍රධාන නිකුතුව කොටස් දෙකකින් සමන්විත වන අතර පලමු කොටස(RS1) එලබෙන ජූනියේ නිකුතුවට සූදානම් වෙමින් ඇති බවය. මිට පෙර පැවසුන පරිදි මෙම නිකුතුව මේ වන විටත් windows 10 වල පෙර සංස්කරන අත්හදා බලන්නන් වෙතට නිකුත්ව ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම නිකුතුව ඔස්සේ windows 10 අඩංගු උපාංග අතර වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය දියුනු කිරීම් එය ‍රැගෙන එන බවකි. ඒ අනූව windows 10 ධාවනය වන PC, Xbox නැතිනම් Phone අතරට පැමිනෙමින් භවිතාකරන්නා හට සහය වනු ඇති බවට පැහැදිලි කෙරේ. උදාහරනයක් ලෙසට Cortana ඔස්සේ ඔබගේ Pc එකෙහි සිට Phone එකෙහි බැටරියේ තත්වය, තවත් විටක  phone calls හෝ texts ලබා ගැනීම හා යැවීම දක්වා වන පහසුකම් එය ගෙනෙනු ඇත. මෙම Redstone ප්‍රධාන යාවත්කාලීනයේ දෙවන නිකුතුව එලබෙන වසරට සැලසුම් වෙමින් ඇති බවට පැහැදිලි කෙරෙන අතර තවමත් ඒ පිලිබදව වැඩිදුර තොරතුරු හෙලිව නොමැත.
www.digilk.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...