2016-03-21

Windows 10 Mobile පැමිනීම -1

             Windows 10 Mobile ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් තිබේ. Microsoft සමාගම තම නව මොබයිල් මෙහෙයුම් පද්ධති සංස්කරනය ගැන පවසන්නේ අන් කවර platform එකකටත් වඩා තම මොබයිල් සංස්කරනය හා Pc සංස්කරනය සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් පලදායී භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවය. නව මෙහෙයුම් පද්ධතියේ දෘඩංංග සහය සැලකීමේදී Lumia 950 හා Lumia 950XL වඩාත් සූදානම් බවින් වන අතර එහි වන Continuum, Windows Hello අංගයන් පිලිබදව වඩාත් අවධාරනයෙන් කහා කරනු දක්නට හැක. Continuum අංගය සැලකීමේදී එය  external monitor එකකට සම්බන්ද වෙමින් Pc අත්දැකීමක් ගෙනෙන්නට සූදානම් අතර දුරකථනයේ වන බොහෝ  App මේ ආකාරයට සහය දක්වන්නට සූදානම්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Windows Hello සමග භාවිතා කරන්නාගේ පෞද්ගලික බව සදහා අවශ්‍ය වන PIN code සදහා විකල්පයක් ගෙනැවිත් ඇති අතර එය එහිවන කැමරාවක් ඔස්සේ visually ආකාරයට ඔබගේ අනන්‍යතාවය තහවුරු කර දෙන්නට සමත්වනු ඇති බවටයි පොරොන්දුවෙන්නේ. ස්කෑන් වන irises ඔස්සේ මෙම තහවුරුව ලබාදෙන ලෙසට මෙම අංගය සකස්ව ඇත. Universal apps සමග app බාවිතාවේ තිබූ පරතරය සමනය කරන්නට කටයුතු කරමින් සිටින අතර Outlook (formerly Mail), Calendar, Maps, Messages, the Store වැනි ඇප් ක්‍රමයෙන් මෙම සූදානම ගෙනෙමින් සිටී.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...