2016-03-09

Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි.

           Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි. දෑ තේරුම් ගන්නට බැරිවීම ඔස්සේ නැගෙන විරෝධතාවය සමග ඔවුන්ගෙන් අහිමි කරවන හෝ පසුගාමී කරවන ප්‍රවනතා පිලිබදව අවදිවන්නට සූදානම්ද යන්න පලමු කාරනයය. දෙවැන්න තම මිනිස් සීමාවන් ඉක්මවා යන්නට තාක්ශනය භාවිතාවීම මිනිස් කථාන්දරය තරමට පැරනි වනවා සේම ඒවා වෙතට විරෝධය පැමිනීමද ඒ කථානදරය තරමටම පැරනි වූ වද නැවත නැවතත් එය සිදු වෙමින් මිනිස් කථාන්දරය නිරන්තරයෙන් ඉදිර...ියට ලියවෙමින් පවතින බවය. සිනමාකරුවා Dr. Will Caster (Johnny Depp) ඔස්සේ “Isn’t that what mankind has always done? ලෙසට එය විමසවයි. විටක තරමක් දුරින් තැබූ පියවරක නිසා තේරුම් ගන්නට බැරිවීමේ කුතුහල මනස තරමක් කලහාකාරී වූවා විය හැක.
අද දෛනික ජීවිතයේදී Smart දුරකථනය නැතිනම් fitness trackers වැනි උපාංග ඔස්සේ Machine learning වැනි යාන්ත්‍රන සමග මිනිසා යමින් සිටින්නේ ඒ දෙසටම විය යුතුය. Cortana වැනි පහසූන් ඔස්සේ අප වෙතට එන්නේ මේ බවමය. “සැගවීමට වඩා හඳුනාගෙන පාලනයට කටයුතු කිරීම” වඩාත් ඵලදායී වනු ඇති බවටයෝජනා කරන්නට සිදු වන්නේ මෙතැනදීය. ජීවිතය අවට වූ බොහෝ කායික ශ්‍රමික දෑ යාන්ත්‍රික වෙමින් මිනිසා සැහැල්ලු කරවූ යුගය පියවරක් ඉදිරියට පැමිනෙන්මින් ඔහුගේ මානසික හැකියාවන් වැඩි වැඩියෙන් යාන්ත්‍රික කරවන්නට වෙර දරන යුගයක අප වෙසෙන්නෙමු. වඩ වඩාත් නිර්මණශීලි වෙමින් ඒවා හසුරවන්නට කටයුතු කරනවාට වඩා ගැලපෙන පිලිතුරක් තවත් ඇත්දැයි සැක සිතවන තරම්ය.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...