2016-03-30

Microsoft Build 2016 අදට නියමිතය...

            Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා නිකුත්වීම් පිලිබදව තොරතුරු විමසෙන මෙම හමුවේ මෙවර සිදුවෙනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රධාන තම කාරනා කිහිපයක් පිලිබදව හදාරන්නන් තම මත ඉදිරිපත්කරමින් සිටිනු දක්නට හැක. විශේෂයෙන් Windows 10 වල ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරට නියමිත ඇති පසුබිමක මෙන්ම එහිම මොබයිල් සංස්කරනය ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති වටපිටාවකදී වැඩි අවධානයක් windows 10 වෙතට යොමුව තිබීම ස්වභාවිකය.
  ඔ0වුන් පෙන්වා දෙන්නේ  Windows 10 වල  interactive Live Tiles පිලිබඳව බලාපොරොත්තුව් ඉහලින්ම පවතින්නකි. භාවිතාකරන් සදහා තම notifications වල සිටම ඇප් සමග කටයුතු කරන්නට හැකිවන වඩාත් පහසු භවිතාවක් මෙහිදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. බිලියන එකක windows 10 භාවිතාවන උපාංග ඉලක්කයක් නිකුතුවෙන් පලමු වසර තුන තුලදී බලාපොරොත්තුවන Microsoft ආයතනය සුපුරුදු රටාවෙන් මිදී වේගවත් මෙහෙයුම් පද්ධති සංවර්ධන රටාවක් මෙන්ම පෙර සංස්කරන නිකුතුව යෙදිමින් සිටී.
                                 Windows 10 මොබයිල් සංස්කරනය ‍තෝරා ගත් windows දුරකථන මෝස්තර පෙලක් වෙතට පැමිනෙමින් ඇති අතර Surface Phone  එකක නිකුතුවක් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් තිබේ. 8GB ‍රැම් හැකියාවක් සමග ගිගා බයිට 500ක ගබඩා හැකියාව ‍රැගෙන එනු ඇති බවා තොරතුරුහෙලිවන මෙම නිකුතුව පිලිබන්දවද තොරතුරු බලාපොරොත්තු වීමක් සිදුවෙමින් ඇත.
                තොරතුරු ලෝකයේ හෙට දවස දෙසට වන චලනයේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් වන virtual භාවිතාව  වන HoloLens සමග සිදුවන නිවේදනයන් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් ඇති අතර සංවර්ධකයන් සදහා වන Development kits මේ වන විට නිකුතුව ඇති අතර ඔවුන්ගේද දැඩි අවධානයක් පලවෙමින් තිබෙනු දක්නට හැක.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...