2016-03-22

iPhone SE ඇපල් වෙතින් නිවේදනය විනි.

     පසුගියදා තවත් ඇපල් හමුවක් නිමැවුනි. එහිදී  iPhone SE හා නව  iPad Pro පැමිනීමක් නිවේදනය වූ අතර Apple Watch වල නව පැමිනිමක් පිලිබදව වූ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි. නමුත් Apple Watch වල මිළ ගනන් නම් $299  වල සිට වන පරිදි පහලට පැමිනෙන බවට නිවේදනය විනි. නමුත් එහිදී bands සදහා නම් නිවේදනය වීමක් සිදුවූ අතර එය "Spring lineup"  ලෙසට නම් කර තිබිනි. iPhone භවිතාවට නව කුඩා ප්‍රමානයේ හඳුන්වාදීමක් ලෙසට පැමිනි  iPhone SE නිකුතුව අඟල් 4 ප්‍රමානයේ නිමැවුමක් වුව්ද ප්‍රකාශ වූවේ භාවිතය අතින් බලසම්පන්න නිමැවුමක් වන බවයි.  A9 chip පතකින් සමන්විතව 12 මෙගා පික්සල් කැමරා හැකියාවක් එය හ්ගෙනැවිත් ඇති අතර 4K videos මට්ටමේ සහය ගෙනෙන බවට නිවේදනය විනි. Retina display වඩා ආකර්ශනීය තිර හැකියාවත් සමග හුරු බුහුටි භාවිතාවක් දෛනික ජීවිතයට එය ගෙනෙනු ඇති බවටයි විචාරනය වන්නේ. මීට අමතරව iCloud Photo Library සහය fingertip ආරක්ශිත බව සමග Apple Pay හැකියාව එය ගෙනැවිත් තිබීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවට පොරොන්දු පලවිනි. iOS 9 නව මෙහෙයුම් පද්ධති සහය සමග පැමිනෙන මෙම දුරකථනය වඩාත් වේගවත් LTE හා Wi‑Fi සහය ගෙනැවිත් ඇති බවට ප්‍රකාශ විනි.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...