2016-03-29

පනස් තුනවන කොටස

       සිත් අවකාශයේ ඔබ මොබ සක්මන සමග කඳු මුදුනත සක්මනද බොහෝ දුරට විහිදී ඇත. අඳුරට පෙර ආශ්‍රමය වෙතට පැමිනෙන්නටනම් පා ඉක්මන්කල යුතුවා සේ හැගෙන දුරක් පැමින ඇත. හොඳින් වන ආලෝකය ඇති මුත් සිසිලැති පරිසරය ගෙනෙන්නේ මහත් ප්‍රබෝධාත්මක බවකි. නගරයට ඔබ්බෙන් වන කඳු මුදුනතේ අප එක්ව ගලා ගිය කාලය නැවත පන ගන්වන්නට හොඳින්ම කාලය පැමින ඇතුවා සේය. සතියක කාලයක් නිදහස් ලැගුම් හලක ගත කල විට ‍රැස්ව ඇති තොරතුරු යලි පිලිවලක් ඇතිව සකසා ගන්නට හැකි වනු ඇත. “මිනිසුන් විෂයන් වලට හිරවෙලා හරිම සීමිත වෙලා කියලා මම හිතනවා” වරක් අප කඳු මුදුනතට වී කල දෙබස් සක්මනක් අතරතුර මම යොජනා කලෙමි. බොහෝ හෑදෑරීම් අසම්පූර්න වන්නට මේ බව හොඳටම බල පානවා. සීමිත මනස ගෙනෙන්නේ සීමිත දැනුමක්. මම ඇයට යෝජනා කලෙමි. “අර ආශ්‍රම භූමිය ලග මිනිසුන් අසරනද අපට වඩා ශක්තිමත්ද කියලා තීරනය කරන්න තරම් අපි නොදියුනුයි කියලා මම හිතනවා. එක අතකින් මේක හසුවීමක්, නැතිනම් අපිවම සීමා කර ගැනීමක්. හැබැයි මේ සිමා බිඳලන එක හරිම අභියෝගාත්මකයි. අනිත් පැත්තෙන් තීරනාත්මකයි”. ඇය බොහෝ වෙලාවක් වුවද නිහඬවම සවන් දෙන්නට සමතියකි. විටක හෝරාවක් දෙකක් පවා. සමහර අවස්ථාවලදී ඇයගේ සවන්දීම ව්‍යාජයක්ද දැන ගැනීම සදහා බොහෝ පෙරදී මා කියන ලද කරුනක් ඔස්සේ යලි විමසුමක් කරන විට ඇය මනාව ඒ පිලිබදව කථා කරන්නට තරම් අවධානයක් දී ඇති බව තහවුරු කරවයි. “සමහර විටක අද අප මේ පසුකරමින් සිටින අධ්‍යාපන ක්‍රමය ඉදිරි දශක කිහිපයතුල වෙගයෙන් මෙන්ම සම්පූර්නයෙන්ම වෙනස් වේවි කියලා මම හිතනවා. මිනිසුන්ට මතක තබා ගැනීමේ සිට මතකයන් අතර ක්‍රියාත්මක වීමේ නව අවකාශයක භාවිතාවක් පැමිනේවි කියලයි මට දැන්නේ. තොරතුරු තාක්ශන ඒකට අවශ්‍ය පරිසරය වේගයෙන් දැනටමත් නිමවමින් තිබෙනවා කියලා මට දැනෙනවා.” ඇය සියල්ලම පාහේ හොඳින් මතක තබා ගන්නට කටයුතු කරයි. පසුව සටහන් බවට පත්කරන්නට වගබලා ගනී, අවශ්‍ය විටකදී පහසුවෙන් ඒවා නැවත ගෙනෙන්නට සහය වෙයි. කොටින්ම ඇය අපූරු හෑදෑරුම් සහකාරියකි.
www.tharuminisa.com