2016-02-27

Samsung වෙතින් 256GB flash storage chip..


              Samsung ආයතන  මේ වන විට 256GB ආකාරයේ flash storage chip පත් වෙළඳ පොල නිකුතුවකට සූදානම් වන්නට තීර්නය කර ඇති බවටයි පවසා සිටින්නේ. V-NAND technology පදනම්ව වන මෙම නිෂ්පාදනය Universal Flash Storage (UFS) 2.0 ප්‍රමිතිය සහිතව පැමිනෙන්නට සැලසුම් වන අතර එය  SATA SSDs වලට වඩා දෙගුනයක වේගයක් ‍රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එය කියවීමේදී  850MB/s දක්වා වේගයක්ද ලිවීමේදී 260MB/s ක වේගයක්ද ‍රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ input/output operations per second (IOPS) හැකියාව 45,000 හා 40,000 ලෙසට  reading හා writing  වලදී තබා ගන්නට මෙම නිකුතුව සමත්වනු ඇති බවයි. සරල උදා හරනයකින් පවසන්නේ නම්  USB 3.0 සමග  5GB ගිනුවක් තප්පර 12කදී පමන හුවමාරු කරන්නට මෙම නව පැමිනීම සමත්වනු ඇති බවකි.වෙගයෙන් වැඩි වන හා සංකීර්න වන මොබයිල් භාවිතාව ඉල්ල සිටින වැඩි තොරතුරු ගබඩා හැකියාවක් මෙම නව විසඳුම ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...