2016-02-05

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය

                Online හා Offline මිත්‍රත්වය අතර පරතරය වේගයෙන් වියැකෙමින් ඇති බව හදාරන්නන්ගේ මතයයි. ක්‍රමයෙන් ඔවුන් නවීන ලෝකයේ මිත්‍රත්වය දෙසට නැබුරු වෙමින් සිටිනවා, ඔවුන් පවසනවා. "සමාජජාලා විසින් ලෝකය නැවත ලියන්නට කටයුතු කරමින් සිටීම තව දුරටත් මත්වාදයක් නොව අප අත්විඳිමින් සිටින්නක්." ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම අපගේ මිතුරු සබඳතාවල සිට ඉහලට වන තොරතුරු හුවමාරු හැකියාවන්, මිළඳී ගැනීම් හැකියාවන් , කන්ඩයම් ගතවීමේ හැකියාවන් අදී මෙකී නොකී බොහෝ දේ සදහා ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවය ප්‍රමුක සමාජ ජාලා මැදිහත්වීම වේගයෙන් සිදුවෙමින් ඇත. තාක්ශනිකව මෙන්ම භාවිත පලපුරුද්දෙන් මේ වන විට ව්‍යාජ අනන්‍යතා සමග ගැටලු ඇති වීම ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම මේ සදහා එක් ප්‍රධාන හේතුවක් වනවා විය යුතුය.
                    තම 12 වන සමුරුව හමුවේ Facebook හි  Mark Zuckerberg  පවසා සිටියේ 2030 වන විට ලොව බිලියන 7ක් වන පිරිස අතරින් බිලියන 5ක් තම සමාජ ජලා වෙබ් අවකාශය වෙතට ගෙන්වා ගන්නට තමන් සැලසුම් කරමින් සිටින බවටයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ කලකට ඉහතදී පැවති මතයක් වූ සමාජ ජලා විසින් සැබෑ මිනිස් සබඳතා අවසන් කරමින් සිටිනවා යැයි චෝදනාව මේ වන විට වෙගයෙන් විය කෙමින් ඇති බවයි. උදා හරනයක් ලෙසට Oxford University  හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ සාමාන්‍යයෙන් ඔබගේ සමාජ ජාලා මිතුරන් අතරින් 15 දෙනෙකුවත් ඔබගේ ගැටලු වෙනු වෙන් emotional support මට්ටමින් ඉදිරිපත්වීමක් සිදු වෙමින් ඇති බවයි.
                                තවමත් නොමග යැවීම් ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට මෙන්ම හානිකර අදාල භාවිතාකරන්නාගේ උපාංගය වෙතට යවන්නට වන පොලබවාලීම් ක්‍රියාත්මක වූවද තාක්ශනික මෙන්ම භාවිත පලපුරුද්දෙන්  පෙරට වඩා ඒවා සාර්ථකත්වය අවම වෙමින් තිබෙන අතර දැනුමින් මෙන්ම වගකීමෙන් කටයුතු කරන්නට කැමතිවන භාවිතාකරන්නන්ගේ සංක්‍යාවද වේගයෙන් ඉහල යමින් තිබෙන බවටයි මේ වාන් විට දක්නට ලැබෙන්නේ.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...