2016-02-03

තිස් පස් වන කොටස…


                            ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. “ඔබ බොරුවට මාව අගය කරනවා නේද?” දෙබසේ ඇරබුම ඇගෙන් විය. “නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ” දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. “අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා”. දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. “ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා” ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි. අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.(53)
www.tharuminisa.com