2016-02-12

තොරතුරු අවකාශය මුල් ස්වභාවයෙන් ජාතිවාදී , ආගම්වාදී හෝ අශීලාචාර සම්පන්න වන්නේ නැත.

                      තොරතුරු අවකාශය මුල් ස්වභාවයෙන් ජාතිවාදී , ආගම්වාදී හෝ අශීලාචාර සම්පන්න වන්නේ නැත. එය තාක්ශනයකි. එහි ඇති වේගවත් බව හා නිවැරදි බව වාගේම දුර නැමති බාදකය පහසුවෙන් ඉක්මවා යාමේ හැකියාව වැනි අපූර්වතා සමග වඩාත් සිත්ගන්නා සුලු දෛනික භාවිතාවන්ට වඩාත් නම්‍ය ස්වරූපයන්ගෙන් සමන්විතව අප වෙත පැමින ඇත්තකි. එහෙත් එයට ස්වයංවිනයක් , නැතිනම් තම ඉදිවුනු තාක්ශනික ක්‍රමෞපාය ඉක්මවා යන සදාචාර හෝ නෛතික දැනුමක් සමග පැමින නැත. එය මත්තේ සැකසෙන ගබඩාවන තොරතුරු ගොනුවක් කොතරම් අශීලාචාරද නීතිවිරෝධීද යන්න විමසන්නට මුල් ස්වභාවයෙන් එය ‍රැගෙන ආ පෙරනයන් නැතිවීම එහි වන වරදක් ලෙසට හඳුනාගැනීම කොතරම් නිවැරදිදැයි අප වටහා ගත යුතුය.ද්විතීක නැතිනම් තෘතීක මට්ටම් වලදී නැතිනම් මෘදුකාංග මට්ටම් වලදී නිර්මානය වී ඇති සමහර පෙරනයන් කොතරම් දුරට සාර්ථකද නැද්ද යන්නත් එහි වරදක් නොවේ.
එය බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. මාධ්‍යයක් ලෙසට සැලකීමේදී රූපවාහිනිය නැතිනම් ගුවන්විදුලිය සමග සිටි භාවිතාකරන්නාට වඩා දියුනු අයෙක් එය බලාපොරොත්තුවන්නේ අන්තර්ජාලය සමග වඩාත් පෞද්ගලික ආකාරයට සකසා ගත හැකි මාධ්‍ය භාවිතාවක් එය ‍රැගෙන විත් ඇති බැවිනි. හිංසනාත්මක නැතිනම් අපචාරශීලි දෑ වැඩි යෙන් නරබන්නට ගැනෙන විට වෙළඳ හෝ වෙනත් අරමුනු සමග වැඩි වැඩියෙන් එවන් දැ අන්තර්ජාලය මතට ගෙන ඒම සිදුවීම දැකිය හැක.ජල හැකියාව භාවිතාකරන්නෙකු ලෙසට වඩාත් දියුනු අයෙක් එය බලාපොරොත්තුවන්නේ තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් වඩා නිවැරදිව හා වෙගවත්ව එය ඔස්සේ ඉ‍ටුකර ගන්නවා මෙන්ම එය අනෙකුකුගේ පෞද්ගලිකත්වයට එබී බලන්නටද පහසු කවුලුවක් වන බැවිනි. සැම උපකරනයක්ම බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. මෙය වැරදුනු අවස්ථා පැහැදිලි කරන්නට අපූරු ජනවහරක් පැමිනෙයි එනම් “වඳුරාට දැලි පිහිය අහුවුනා වාගෙයි” ලෙසටය.
www.maglk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...