2016-02-10

අන්තර්ජාලයේ ව්‍යුහය ලෝකය එකම දේශයක් වීමේ අනාගතය පැහැදිලි කරමින් සිටිනවා!!!!!!!

                 කොහොම උනත් අපේ සාමාන්‍ය තොරතුරු භාවිතාව අපගේ පෞද්ගලික උපාංගයෙන් මිදිලා වඩාත් බල සම්පන්න සර්වරයන් වෙතට වඩාත් ඒක රාශී වන්නට වැඩි කලක් ගත වේවි කියල හිතන්න අමාරුයි. හිතන්න හුදු පෞද්ගලික පරිගණකයක සීමිත හැකියා වපසරිය වෙතට හිරවෙලා හිටපු අපිව වඩාත් වේගවත් හා සුලබ අන්තර්ජාල ගතවීමේ හැකියාව හරහා කොතරම් සුව පහසු කරල තියෙනවද කියලා. තව දුරටත් ඔබේ දෘඩ තැටිය දත්ත ගබඩා කිරීමේ සීමාව නොවේයි. තවදුරටත් ඔබේ ප්‍රොසෙසර් හැකියාව ඔබේ සමස්ත ගනක හැකියාව නොවේයි. ක්ලවුඩ් අවකාශය බොහොමයක් ඒවායේ වගකීම භාර අරගෙන ඉවරයි. වැදගත් වෙන්නේ හොඳ මට්ටමක සබදතා හැකියාවක් හා සබදතා කවුලුවක් සමග විශාල ගනක හැකියාවක් හා ගබඩා හැකියාවක් ලබා දෙන්නට හැකිවන හෙට දවසට වඩාත් සූදානම් වීම පමනයි.
             අපි දන්නවා HTTP වල මීලග සංස්කරනය පිලිබදව විමසමින් සිටින යුගය පැමිනිලා තිබෙනවා. ඔබෙ නිවසේ බොහොමයක් උපාංග ස්මාර්ට් කරමින් පැමින ඇති දත්ත ලේයරය සමග එම උපාංග ඔබගේ මෙහෙය වීමකින් තොරව ස්වාධීනව එකිනෙන තොරතුරු හුවමාරුකරගන්නා යුගය පැමිනෙමින් තිබෙනවා.ඔබගේ දත්ත අනන්‍යතාවය සමග සම්බන්දවීම පවා නෙත් පලදනාවට ඔර ලෝසුවට සංයුක්ත වෙන්නට පටන් අරගෙන තිබෙනවා. තවත් දිසාවකින් මුදල් භාවිතය e වෙමින් තිබෙනවා පමනක් නොවේ දේශසීමා ඉක්මවන තාක්ශනික පදනමකින් ක්‍රියාත්මක වෙන මුදල් ක්‍රම වේදයක් පවා ලොකයේ තැනින් තැන අත්හදා බැලෙමින් තිබෙනවා.මම විස්වාස කරනවා ඔබේ විමසලිමත් මනසට අන්තර්ජාලයේ ව්‍යුහය ඔස්සේ වසර දහස් ගනනක් පැරනි ආකෘතියට වඩා වෙනස් ලෝකය නව එක් දේශයක් වීමේ අවශ්‍ය තාවයේ සියුම් යෝජනාවක් පැමිනෙමින් තිබෙනවා යන්න වැටහෙමින් තිබෙනවා කියලා.
www.maglk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...