2016-02-17

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ අවදිවන අතර malicious text messages යැවීම ඇරබීම, මෙහෙයුමකින් තොරව අන්තර්ජාලයට පිවිසීම, ස්වක්‍රීයව sleep mode වෙතට දුරකනය පිවිසවීම මෙන්ම අඩංගු සියලු දත්තයන් මකා දැමීම වැනි පියවරවල් වලට පිවිසීම සිදුවනු ඇති බවටයි හදාරන්නන් පෙනවා දෙන්නේ. වැඩි දුරටත් කරුනු දක්වන හදාරන්නන් පවසන්නේ සාර්ථක ආසාධිත වීමකදී email account logins, social media credentials හා banking information වැනි තොරතුරු ‍රැස්කර ගැනීමක්ද සිදුවිය හැකි බව පෙන්වා දෙනවා.
             රුසියානු මූලයක් ඔස්සේ මෙම මෙම හානිකරයේ පැමිනීමක් පිලිබදව හදරන්නන් සැක කරන අතර Russian language option සහිත ස්මාර්ට් දුරකථන වලට මෙම හානිකරය ස්ථාපනය නොවීමද පෙන්වා දෙනවා. තවමත් වැඩි දියුනු කිරීමේ අවස්ථාවේ මෙම හානිකරය පවතින බවට සැක කෙරෙන අතර ඉදිරි කාලයේදී වැඩි මුදා හැරීමක් පිලිබදව හදාරන්නන් සැක කරනු ලබනවා.
www.digilk.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...