2015-01-20

වසර දහස් ගනනක් පැරනි සමහර මිනිස් හැකියාවල් තවමත් වර්ධනීය ආකාරයට ‍රැක ගන්නට ඔවුන් සමත්ව තිබෙනවා...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (62)

  "තම තරගකාරී සගයන් ඉක්මවා මිනිස් වර්ගයා ඉදිරියට එන්නේ ස්වාභාවිකව ජීවය වර්ධනයට ගතවන කාලය හා සැසදීමේදී ඉතාම කෙටිකාලයක් තුලයි. මිනිසා ලෙසට තමාම නම්කර ගන්නට හා අනෙකුත් සගයන් නම්කර ලන්නට සමත්වන්නේ ඔහු තව දුරටත් ජීවවිද්‍යාත්මක සාධක මත නොව තම මනස මතම වර්ධනය වන්නට ආරම්භවීමේ සිට විය යුතුයි. ඒත් අපි දන්නවා මිනිස් මොලය කියන්නේ වසර දසදහස් ගනනක වර්ධනයක්. සාර්ථක ජීව සෛලයක් බිහිවීම, පරිසරය මත එයට ඇති අනන්‍යතාවය හඳුනා ගන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේම එහි ඊලග වර්ධනතා පිලිබඳව තමන්ටම තීර්නයක කරන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේ සංධිස්ථාන වලින් මේ දිග කථාන්දරය සමන්විතයි කියලා මම හිතනවා. වර්ථමාන මිනිසෙකු සලකන කොට ජීවිවිද්‍යාත්මකව ‍රැගෙන විත් ඇති මුත් සමාජවිද්‍යාත්මක ජීවිතය ඔස්සේ මග හැරී ඇති හැකියාවල් බොහොමයි කියා හදාරන්නන් නිරන්තරයෙන් යෝජනා කරන සමහර හැකියාවල් එසේ සැගව නොයා ‍රැක ගන්නට මේ ගම් වැසියන් සමත්වී තිබෙනවා කියලා මට යෝජනා කරන්නට හිතෙනවා. ඔවුන්ගේ සංස්කෘතික රටා වල තවමත් ඒවා නොනැසී පමනක් නොවේ වර්ධනය කරමින් ‍රැක ගන්නට අවශය වටිනාකම් ඉතිරිකර ගන්නට සමත්විම ඔවුන්ගේ මේ අපූරු හැකියාවල් පසුපස තිබෙනවා කියන එක මම විස්වාස කරනවා.. ඔබ මොකද හිතන්නේ?" ටිබෙටියානු මිතුරා එකවරම පිලිතුරක් නොදී මද කල්පනාවකට කාලය ලබ ගන්නට තීර්නය කර ඇතුවා සේය.
                       මෙවර ආශ්‍රම සංචාරයේ වසරක කාලය පිරෙන්නට දින කිහිපයකට වඩා ඉතිරිව නැත. නිරන්තරයෙන් ගම්වාසීන්ගේ දෛනික ජීවන රටාවල් නිරීක්ශනය කරන්නට, කඳු මුදුනතදිගේ දිවෙන මාවත  ඔස්සේ ඒවා මනස තුල පිලිවල කරගන්නට අවශ්‍ය විවේකය ලබමින් ඇවිද යන්නට, ටිබෙටියානු මිතුරාගෙන් මේ තොරතුරු පිලිබද නිගමනයන් නැවත නැවත විමසවා ගන්නට වැනි නෙක කාරනාවලින් පසුගියකාලය පිරී ගොස් තිබිනි. ලොකු ස්වාමීන්වහන්සේ ආශ්‍රමයේ දෛනික රටාවලින් මා සම්පූර්නයෙන්ම මුදා හැර තිබිනි. අවශ්‍ය ඔනෑම වෙලාවකදී ගබඩාකාරතුමා ගෙන් ආහාර ලබා ගන්නට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සදහා අවසර ලැබිනි. මහත් තැන්පත් පරිසරයකදී ලද එවන් සහය සමග ගම්වාසීන් පිලිබදව හැදෑරීම වඩාත් තීව්‍රව කර ගෙන යන්නට හැකිවිය. සමහර විටක ආශ්‍රමයේ ප්‍රතම වතාවට නගරය වෙත යනෙන්නන් ඔස්සේ අවශ්‍ය පොත්පත්, සටහන් කොල පවා ලබා දෙන්නට කටයුතු කෙරිනි. "ඔබ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. එය සරලව මෙහි සිදුවන දහම ඔස්සේ වන මාවත මග හැරෙන වෙනත් මාවතක් ඔස්සේ වන බව මට පැහැදිලි වුවද ඔබ සාර්ථකව එය අවසන් කරන්නේ යනු නැවත දහම වෙතට පැමිනීම වන බවට මම විස්වාස කරනවා" ඒ මා නිදහස් කර දමමින් ලොකු ස්වාමීන් වහන්සේ කල පැහැදිලි කිරීමයි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...