2014-12-01

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල...


     "වෙනස්වීම" නම් ක්‍රියාව තොරතුරු තාක්ෂණයේදී තරම් සමීපව හා වැඩි වාර ගනනක් භාවිතාවන  වෙනත් විෂයක් විරලය. "අද සිහිනයක් හෙට යථාර්තයක් කරන්නට අවශ්‍ය ශක්‍යතාවය වෙන කිසිදු විෂයකදී අත් නොවිඳන තරමට එහිදී ඇත. මිනිස් ආයුකාලයන්ට සාපේක්ෂව සැලකීමේදී කෙටිකලක් තුල මෙතරම් අපූර්ව වෙනස්කම් රාශියක් මිනිස් ජීවිත වෙතට ගෙනෙන්නට එයට හැකි වෙන්නේ මේ නිසා යැයි මම සිතමි. ඔබගේ ජීවන රාටාව, ඔබගේ වෘතිය , සමාජ පරිසරය කවරක වුවද ඔබට එහි අනිවාර්ය ඉඩක් තිබෙන ලෝකයක් එය විසින් නිර්මාණය කොට ඇත. මිනිස් හැකියාවන් හා ලෝකය අතරවූ පරතරයන් එක් මානයකදී අවමකර දමන්නට එයට එයට හැකි වුවද තවමත් බොහෝ මිනිසුන් ඒ විෂය මත නිදහස් නොවීම තමන්ගේ ජීවිත කාලය තුල අත්විඳින්නට පැමින ඇති අපූරත්වයක් මග හැර සිටින්නට කරනා තීර්නයක් ලෙසට මම දකිමි. සරල දෘඩංග පදනමකින් එය මතුවුවද  එය ඒ පදනම සම්පූර්නයෙන් අමතක කර දමන්නට පහසුකර වන තරමේ නිමැවුමක් වෙමින් දිනෙන් දින අප වෙතට පැමිනෙමින් සිටී. සංගීත වේදියෙකුට තම ස්වර නගන්නා වන්නා එය වන්නට හැකිවන විට සිත්ත්තරයෙකුගේ කැන්වසය පමනක් නොව වඩාත් විදිමත් පින්සල වන්නට එයට හැකිවන්නේ අපූරු ලෙසටය.
Visit  www.itlk.us   For more IT News and Reviews in Sinhala

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...