2014-11-03

භාවිතාකරන්නන්ගේ ජීවිත තුලට එබී බැලිය හැකි අවසර ලබා ගන්නා Smart උපකරන සමග එන privacy policy.

    Smart බව බොහෝ උපකරන වෙතට වේගයෙන් ගලා එමින් ඇත්තකි. උපාංග වලට සංයුත්තව පැමිනෙන එම Smart බව වඩාත් Smartව අත්විඳින්නට නම් එම උපාංගය හැසිර විය යුතු දත්ත ප්‍රමානය වැඩිවේ. එහිදී අදාල පහසුව වඩාත් සුමටව භාවිතාකරන්නා හට සමීපව ගෙනෙන්නට නම් භාවිතාකරන්නාගේ අනන්‍යතාවය වඩ වඩාත් ග්‍රහනය කර ගන්නට එම දත්ත එකතුවට අවශ්‍ය වේ. වඩාත් සංකීර්න ගැටලුවක් මෙතැන සිටද ඇරබේ. එනම් විටක එම උපකරනය අක්‍රියව ඇති විටකදීද භාවිතාකරන්නා දෙසට අවධානයෙන් සිටීමය. Brennan Center දෙසින් එක් භාවිතාකරන්නෙකු ප්‍රකාශ කර සිටියේ තමන් තම නව Smart TV යන්ත්‍රයට අදාල පි‍ටු 46කින් සමන්විත  privacy policyය කියවීමෙන් අනතුරුව එය භාවිතාකරන්නට බියක් හැගෙන බවයි. ඔහු එහිවන හඬ හැසිරුම (Voice Control) පහසුවට එකග වීමෙන් අනතුරුව එම උපාංගය අක්‍රියව පවතිනිඅ විටදීද තමන් වෙතට සවන් දෙන්නටත් එම තොරතුරු ගබඩා කර ගන්නටත් පමනක් නොව අවශ්‍ය විටකදී අදාල සේවා සපයන තවත් වෙළඳ ආයතන සමග බෙදා ගන්නටත් හැකිවන බවකට එකග වන්නට සිදුවන බවටයි ඔහු සදහන් කර සිටින්නේ.
                තවමත් මේ ආකාරයට ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඔස්සේ භාවිතාකරන්නාගේ දත්ත ‍රැස් කිරීමේදී භාවිතාකරන්නාගේ පෞද්ගලික බව ‍රැක දෙන නෛතික පදනම් බොහෝ නීති පද්ධති වෙතට පැමින නැති අතර භාවිතාකරන්නන් ගේ ජීවිත තුලටද මෙසේඑවනි උපකරන සමග කටයුතු කිරීමේ ගතයුතු ආරක්ශිත පියවරයන් පිලිබදව වැඩි වැටහීමක් නොවීම තත්වය වඩාත් බියමුසු තක්ත්වයක් නිර්මානය කරමින් සිටින් බවටයි දක්නට ලැබෙන්නේ. 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...